GSM
(Global System for Mobile communication) යනුවෙන් දැක්වෙන්නේ ලොව පුරා වැඩියෙන්ම
ව්‍යාප්ත හා වැඩිම ග්රාහකයන් ගණනක් භාවිතා කරන ජංගම දුරකථන තාක්ෂණයයි. එය 2 වන
පරපුරට අයත් (2G) ජංගම දුරකථන තාක්ෂණයකි. GSM
මුලදී
යුරෝපයේ භාවිතය සඳහා නිර්මාණය කෙරුන අතර පසුව එය ලොව පුරා ව්‍යාප්ත විය. ලොව පුරා GSM
ග්රාහකයන් ගණන
බිලියන 4.5 ඉක්මවයි.
SIM කාඩ් පත, SMS
කෙටි
පණිවිඩ සේවය හා රෝමිං සේවා මුලින්ම GSM තාක්ෂණය මගින් ලොවට හඳුන්වා දෙනු
ලැබීය. GSM දුරකථන
ජාල 900MHz හා
1800MHz තරංගමාලාවල
ක්‍රියාත්මක වේ. ඇමරිකාවේ දී GSM දුරකථන ජාල සඳහා 850MHz
හා
1900MHz තරංගමාලා
භාවිතා වේ. 900MHz තරංග මාලාවේදී 45MHz
පරතරයකින්
යුත් රේඩියෝ චැනල යුගලක්ද 1800MHz තරංගමාලාවේදී 95MHz
පරතරයකින්
යුත් තරංග යුගලක් ද උඩු හා යටි සබඳතා (uplink & downlink) සඳහා GSM දුරකථන ජාල වල භාවිතා කෙරේ.
GSM තාක්ෂණයේ රේඩියෝ තරංග මූර්ජනයට, GMSK (Gaussian Minimum Shift
Keying)
නම් මූර්ජන ක්‍රමය භාවිතා වේ. සෑම GSM රේඩියෝ චැනලයක්ම 200kHz
තරංග
කලාප පළලකින් යුක්ත වන අතර එක චැනලයක එක වර ග්රාහකයන් 8 දෙනෙකුට TDMA
බහුපථ
(multiplexing) ක්‍රමය
භාවිතා කර සම්බන්ධතා පවත්වාගත හැක. GSM සම්ප්‍රේෂණ කුළුණක් ආශ්රිත සම්ප්‍රේෂණ
මධ්‍යස්ථානයක සිට 35km දුරක් දක්වා දුරකට සංඥා ඇත්නම් ග්‍රාහකයකුට
සම්බන්ධතා ඇති කරගත හැක. කුළුනකින් 35km වලට වැඩි දුරකදී ජංගම දුරකථනයකට සංඥා
ලැබුනද සමමුහුර්තකරනයට (synchronisation) ඇති අපහසුකම් නිසා සම්බන්ධතා ඇති කරගත
නොහැක.
GSM ජංගම දුරකථන ජාලවල (GPRS
හා
EDGE
වර්ධිත සේවා නොමැතිව) 9.6kbps දක්වා දත්ත සන්නිවේදන වේග ලබා ගත
හැකිවේ. GPRS හා
EDGE යනු
GSM ජාල
වල වැඩි වේගයෙන් දත්ත සන්නිවේදනය කිරීමට ඇති වර්ධිත සේවා දෙකකි.
GSM හිදී කටහඬ
වොකෝඩයරක් (Vocoder- Voicecoder) මගින් කේතනය කරනු ලැබේ. මෙම වොකෝඩරය මගින් කේතීකරනය කරන ලද දුර ඇමතුම්
සංඥා 13.3kbps දත්ත සන්නිවේදන
වේගයක් ඇති චැනලයක සම්ප්‍රේෂණය කෙරේ.
2 වන පරපුරේ GSM තාක්ෂණය වැඩි
දියුණු කර 3 වන පරපුරේ 3G UMTS තාක්ෂණය නිර්මාණය
වී ඇත. සියළුම 3G ජංගම දුරකථන 3G
හා GSM පහසුකම් දෙකෙන්ම යුක්තව ද්විත්ව මාත (dual
mode) දුරකථන ලෙස නිපදවා
ඇත.
- කුසල් ඈපා
- කුසල් ඈපා
No comments:
Post a Comment