ප්‍රකාශ තන්තු, වීදුරු වර්ගයකින්
නිපදවා ඇති දිග සිහින් තන්තු හැඩයක් ගන්නා අතර මිනිස් කෙස් ගසක තරම් විෂ්කම්භයකින්
යුක්ත වේ. ප්‍රකාශ තන්තු තුලින් ආලෝක සංඥා ආකාරයට ඩිජිටල් දත්ත සන්නිවේදනය කළ හැක.
ප්‍රකාශ තන්තු කේබලයක් සිහින් ප්‍රකාශ තන්තු
සිය ගණනක් කළඹ කොට (bundled) තනා
ඇත. සාමාන්‍ය රැහැන් වල සංඥා විදුලි සංඥා ආකාරයට
ප්‍රවාහනය කරන නමුත් ප්‍රකාශ තන්තු කේබල වල දත්ත අති විශාල ප්‍රමාණයක් අලෝක
සංඥා ආකාරයට ප්‍රවාහනය කළ හැක. ප්‍රකාශ තන්තු දත්ත සන්නිවේදනයේ ඇති තවත් වාසියක්
නම් දත්ත, අලෝක සංඥා ආකාරයට ගමන් කරන බැවින් විද්‍යුත් චුම්බක බාධාවලට නිර්මුක්ත (immune)
වීමයි.
දුරකථන ජාලවල හා අන්තර්ජාල ආශ්‍රිත
දත්ත සන්නිවේදන ජාල වල අධි තරංග පළලකින් (High Bandwidth) යුත් ප්‍රකාශ තන්තු කේබල් මගින් විශාල දත්ත ප්‍රමාණයක් සන්නිවේදනය
කෙරේ. දුරකථන හුවමාරු මධ්‍යස්ථාන හා දත්ත ගබඩා මධ්‍යස්ථාන (Data Centres) එකිනෙක සම්බන්ධ කිරීමටද ප්‍රකාශ
තන්තු කේබල් භාවිතා කෙරේ.
ප්‍රකාශ තන්තු සබ්මැරීන කේබල් (Fibre Optic Submarine Cables)
මුහුදු පත්ලේ යොදා ඇති සබ්මැරීන
ප්‍රකාශ තන්තු කේබල් මගින් විවිධ රටවල විදුලි සංදේශ ජාල සම්බන්ධ කර ඇත. මෙවැනි
කේබල මුහුදු පත්ලේ යෙදීම එම කාර්යය සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති නැව් මගින්
සිදු කෙරේ. මෙවැනි කේබල් මුහුදු වෙරළේ
පිහිටා ඇති කේබල් ගොඩබිම් ස්ථාන (landing points) හරහා ගොඩබිම ඇති ප්‍රවේශ ස්ථාන (gateway stations) මගින් විදුලි සංදේශ ජාල සමග සම්බන්ධ කෙරේ.
අඳුරු ප්‍රකාශ තන්තු කේබල් (Dark Fibre)
දැනට භාවිතා නොකරන නමුත් ස්ථාපනය
කර ඇති ප්‍රකාශ තන්තු කේබල, අඳුරු ප්‍රකාශ තන්තු කේබල නමින් හැඳින්වේ. ප්‍රකාශ
තන්තු කේබල් ස්ථාපනය කිරීමේදී අනාගතයේ භාවිතය සඳහා අමතර කේබල් ස්ථාපනය කෙරේ. මෙම
අමතර කේබල්, ප්‍රකාශ තන්තු සම්ප්‍රේෂණ හා ග්‍රාහක උපකරණ වලට සම්බන්ධ නොකරන අතර
අඳුරු ප්‍රකාශ තන්තු නමින් හැඳින්වේ.
Wavelength Division Multiplexing (WDM)
WDM යනු විවිධ තරංග ආයාම ලෙස
ඇති අලෝක ධාරා ගණනාවක් බහුපථ (multiplex) කිරීමෙන් ප්‍රවාහනය
කළ හැකි දත්ත ප්‍රමාණය කිහිප ගුණයකින් වැඩිකර ගැනීමට භාවිතා කරන තාක්‍ෂණයකි. විවිධ
තරංග ආයාම වලින් ඇති මෙම ආලෝක ධාරා විවිධ වර්ණ වල ආලෝක ධාරා ලෙස දැක්විය හැක. මෙම
තාක්‍ෂණය මගින් ප්‍රකාශ තන්තු කේබලයක දත්ත සන්නිවේදනය කළ හැකි ධාරිතාව එම කේබලයම
පමණක් යොදාගෙන කිහිප ගුණයකින් වැඩිකළ හැක. මෙයටත් වඩා සංකීර්ණ DWDM (Dense Wavelength Division
Multiplexing) තාක්‍ෂණය මගින් WDM තාක්‍ෂණයටත්
වඩා වැඩි දත්ත සම්භාරයක් ප්‍රවාහනය කළ හැකි අතර දැන් ප්‍රකාශ තන්තු කේබල වල දත්ත
ප්‍රවාහන ධාරිතාව වැඩි කිරීමට මෙම තාක්‍ෂණය ද වැඩිවශයෙන් යෙදවේ.
නිවෙස් තුලට ප්‍රකාශ තන්තු
සම්බන්ධතා (Fibre to the Home - FTTH)
රටවල් ගණනාවක් දැන් නිවෙස් වලට ප්‍රකාශ
තන්තු කේබල් සම්බන්ධතා යෙදවීම අරඹා ඇත. මෙමගින් නිවසකටම ප්‍රකාශ තන්තු කේබල්
සම්බන්ධතාවයක් ලැබෙන අතර එමගින් අධිවේගී අන්තර්ජාල ප්‍රවේශ සම්බන්ධතාවයක් ඇතිකරගත
හැක. සමහර රටවල FTTN (Fibre to the Node) නමින් හැඳින්වෙන ක්‍රමවේදයක් මගින් සෑම කුඩා ප්‍රදේශයකටම ප්‍රකාශ
තන්තු කේබල් යොදවා අනතුරුව කොඇක්සියල් (coaxial) කේබල් හෝ
DSL ක්‍රමය මගින් නිවෙස් වලට සම්බන්ධතාවය ලබා දේ. FTTH/FTTN සන්නිවේදන ජාල මගින් 100Mbps හෝ එයට වැඩි දත්ත සන්නිවේදන වේග සෑම නිවසකටම
ලබාදිය හැකි අතර එමගින් IPTV, වීඩියෝ සම්මන්ත්‍රණ (video
conferencing) සම්බන්ධතා ආදිය සඳහා අවශ්‍ය වැඩි තරංග කලාප
පළලකින් (high bandwidth) යුත් අධිවේගී දත්ත සන්නිවේදන
සම්බන්ධතා ලබාදිය හැක.
© කුසල් ඈපා
No comments:
Post a Comment