රූපවාහිනී විකාශනයේදී
රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයකින් සම්ප්‍රේෂණය වන රූපවාහිනී සංඥා රූපවාහිනී ඇන්ටෙනාවක
ආධාරයෙන් රූපවාහිනී යන්ත්‍රයක් මගින් ග්‍රහණය කරගනු ලබයි. දැනට භාවිතා වන සාමාන්‍ය
රූපවාහිනී විකාශනවල ඇනලොග් ක්‍රමයට තරංග සම්ප්‍රේෂණය කෙරෙන අතර ඒ පිළිබඳව විස්තර
මෙම පරිච්ඡේදයෙන් දැක්වේ. මෙයට අමතරව රූපවාහිනී විකාශනයට කේබල් TV,
චන්ද්‍රිකා රූපවාහිනී සේවා (satellite
TV), ඩිජිටල් රූපවාහිනී සේවා, IPTV ආදිය
ද භාවිතා වන අතර ඒ පිළිබඳ විස්තර වෙනත් සටහන් වල පසුව දැක්වේ.
VHF හා
UHF
තරංගමාලා
රූපවාහිනී
සම්ප්‍රේෂණ සංඥා VHF හා
UHF
තරංගමාලාවල විකාශනය කෙරේ. සාමාන්‍යයෙන් VHF චැනලවල
සංඥාවලට UHF චැනලවල සංඥාවලට වඩා වැඩි ප්‍රදේශයක්
ආවරණය කළ හැක. UHF සංඥා, ගොඩනැගිලි සහිත නාගරික
පරිසරවලදී VHF තරංගවලට වඩා හොඳින් ග්‍රහණය කළ
හැක.
රූපවාහිනී
සම්ප්‍රේෂණ තරංගමාලා හා චැනල අංකයන්
තරංගමාලාව |
චැනල අංකයන් |
සංඛ්‍යතයන් |
VHF
Low (Band 1) |
2-
4 |
47
– 68 MHz |
VHF
High (Band III) |
5-12
|
174
-230 MHz |
UHF
|
21
– 69 |
470
– 862 MHz |
PAL,
SECAM හා NTSC වීඩියෝ ප්‍රමිති
PAL,
SECAM හා NTSC වශයෙන් රූපවාහිනී වීඩියෝ සම්ප්‍රේෂණ ප්‍රමිතීන් 3ක් ඇත.
මෙම ප්‍රමිතීන් එකිනෙකට අනුකූල නොවන අතර එක් එක් රටවල භාවිතා වන ප්‍රමිතියට අනුව ඒ
සඳහා විශේෂිතවූ රූපවාහිනී යන්ත්‍ර හා වීඩියෝ රෙකෝඩර් භාවිතා කළ යුතුවේ. නවතම රූපවාහිනී හා වීඩීයෝ යන්ත්‍ර බොහොමයක, මෙම
වීඩියෝ ප්‍රමිතීන් සියල්ලට අදාල සංඥා ග්‍රහණය කර ගැනීමේ හැකියාව ඇත. රූපවාහිනී තිරයේ
ඇති රේඛා සංඛ්‍යාව හා තත්පරයට දර්ශනය වන රූපරාමු සංඛ්‍යාව එක් එක් වීඩියෝ ප්‍රමිතියට
අනුව වෙනස්වේ.
NTSC
(National Television System Committee)
NTSC ක්‍රමය
ප්‍රධාන වශයෙන් ඇමරිකානු මහාද්වීපය, ජපානය හා තවත් රටවල් කිහිපයක භාවිතා වේ. මෙහි විනාඩියකට
රූප රාමු 30
ක් හා එක් රූප රාමුවක රේඛා 525 ක්
දර්ශනය වේ.
PAL
(Phase Alternating Line)
PAL ප්‍රමිතිය
බොහෝ යුරෝපීය රටවල (ප්‍රංශය හැර), ශ්‍රී ලංකාව හා තවත් රටවල් ගනනාවක භාවිතා වේ. PAL ප්‍රමිතියේ
තවත් උප කොටස් ගනනාවක් B, D, G, H, I, N වශයෙන්
දැක්වේ. ශ්‍රී ලංකාවේ භාවිතාවන්නේ PAL B ප්‍රමිතියයි.
PAL
ප්‍රමිතියේ (PAL M හැර)
විනාඩියකට රූප රාමු 25
ක් හා එක් රූප රාමුවක රේඛා 625 ක්
දර්ශනය වේ.
SECAM
(Sequential Couleur Avec Memoire)
SECAM ප්‍රමිතිය ප්‍රංශය හා තවත්
රටවල් කිහිපයක භාවිතා වේ. මෙහි
විනාඩියකට රූප රාමු 25
ක් හා එක් රූප රාමුවක රේඛා 625 ක්
දර්ශනය වේ.
රූපවාහිනී
තරංග මූර්ජනය (modulation)
රූපවාහිනී සංඥාවක ශබ්ද
හා රූප සංඥා වශයෙන් කොටස් දෙකක් ඇත. PAL ප්‍රමිතියේදී
රූපවාහිනී සංඥාවක රූප VSB
(Vestigial Sideband Modulation) ක්‍රමයට මූර්ජනය කෙරේ.
මෙය AM (Amplitude
Modulation) හෙවත් විස්තාර මූර්ජන ක්‍රමයට අයත්ය. ශබ්ද සංඥා FM (Frequency Modulation) හෙවත් සංඛ්‍යාත මූර්ජන
ක්‍රමයට සම්ප්‍රේෂණය කෙරේ.
PAL B ප්‍රමිතියේදී
එක් චැනලයක 7 MHz ක් පුළුල් තරංග
කලාපයක් භාවිතා වේ. මෙම තරංග කොටස තුල එකිනෙකට මදක් වෙනස් වූ සංඛ්‍යාතවල වීඩියෝ,
ශබ්ද හා වර්ණ සංඥා සම්ප්‍රේෂණය කෙරේ. වීඩියෝ සංඥා මගින් රූපද, ශබ්ද සංඥා මගින්
ශබ්දයද සම්ප්‍රේෂණය කෙරේ. ශබ්ද සංඥා සෑමවිටම වීඩියෝ සංඥාවලට වඩා 4.5MHz ක්
ඉහල සංඛ්‍යාතයක සම්ප්‍රේෂණය කෙරේ. වර්ණ සංඥා මගින් රූපවල ඇති වර්ණ ගැන්වීම සම්ප්‍රේෂණය
කෙරේ. කළු සුදු රූපවාහිනී යන්ත්‍ර මෙම වර්ණ සංඥාව ග්‍රහණය කර නොගනී. වර්ණ රූපවාහිනී
මගින් මෙම වර්ණ සංඥා ග්‍රහණය කර රූප වර්ණ ගැන්වීමට යොදා ගනී.
ඩිජිටල් රූපවාහිනී සම්ප්‍රේෂණ
රටවල් ගනනාවක් දැනටමත් ඩිජිටල්
රූපවාහිනී සම්ප්‍රේෂණය අරඹා ඇති අතර ක්‍රමයෙන් ඇනලොග් රූපවාහිනී සේවා නවතා දමන
දිනයන්ද ප්‍රකාශයට පත් කර ඇත. ඩිජිටල් රූපවාහිනී සේවාවල ඇනලොග් රූපවාහිනී සේවාවලට
වඩා විශේෂිතවූ පහසුකම් හා වාසි ඇති අතර ඒ පිළිබඳ විස්තර වෙනත් සටහනක පසුව දක්වා ඇත.
රූපවාහිනී සංඥා ග්‍රහණය
රූපවාහිනී සංඥා හොඳින්
ග්‍රහණය කරගැනීමට ඒ සඳහා සුදුසු ඇනටෙනාවක් අත්‍යවශ්‍ය වේ. ලැබෙන රූපවාහිනී සංඥාවල තත්වය
ඇන්ටෙනාවේ වර්ගය, එය එල්ල කර ඇති දිශාව, ඇන්ටෙනා
කේබලයේ වර්ගය හා දිග, රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයට ඇති දුර, රූපවාහිනී සංඥා
ලබාගැනීමට ඇති බාධා ( කඳු, ගස්. උස් ගොඩනැගිලි ආදියෙන්) ආදී කරුණු මත රඳා පවතී.
රූපවාහිනී ඇන්ටෙනාව
හොඳ වර්ගයේ රූපවාහිනී ඇන්ටෙනාවක්
නිසි පරිදි රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය වෙත එල්ල කර සවි කිරීමෙන් හොඳ තත්වයේ
රූපවාහිනී සංඥා ලබා ගත හැක.
ඇන්ටෙනා ප්‍රතිලාභය (Antenna
Gain)
ඇන්ටෙනාවක
ප්‍රතිලාභය නැතහොත් Gain මගින්
දැක්වෙන්නේ ඇන්ටෙනාවක ග්‍රහණය කරගත් සංඥා වර්ධනයකර ගැනීමේ ඇති හැකියාවයි. වැඩි gain එකකින්
යුත් ඇන්ටෙනාවකට දුර්වල සංඥා හොඳින් ග්‍රහණය කළ හැකි අතර එවන් ඇන්ටෙනාවක් වැඩි
ඇන්ටෙනා කූරු (elements) ගණනකින් යුක්තවේ. Gain එක
වැඩි ඇන්ටෙනාවකට සංඥා ග්‍රහණය කර ගත හැකි කෝණයද (beamwidth) කුඩා
වන අතර එම නිසා එවන් ඇන්ටෙනා ඉතා නිවැරදි ලෙස සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය වෙත එල්ල කළ
යුතුය. විවිධ චැනල සඳහා විවිධ
දිශාවල පිහිටි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානවලින් සංඥා ග්‍රහණය කර ගැනීමට අවශ්‍ය වූ
අවස්ථාවල වැඩි gain එකකින් යුත් ඇන්ටෙනා එකක් භාවිතා
කිරීම අවාසිදායකය. එයට හේතුව gain එක
වැඩි ඇන්ටෙනාවකට එල්ල කළ දිශාවට පිටතින් ඇති සංඥා ග්‍රහණය කර ගැනීමේ අපහසුකමය. UHF හා
VHF
සංඥා භාවිතා වන ඇන්ටෙනා එකිනෙකට වෙනස්වේ. ඒවායේ ඇන්ටෙනා කූරු (element) වල දිග
වෙනස්වීම එයට හේතුවයි. UHF හා
VHF
දෙවර්ගයේම සංඥා ග්‍රහණය කළ හැකි ඇන්ටෙනාද ඇත. VHF හා UHF ඇන්ටෙනා දෙකක් භාවිතා
කරන විට ඒවායේ කේබල් කම්බයිනරයක් (combiner) හෝ
බූස්ටරයක් භාවිතයෙන් එක් කේබලයකට සම්බන්ධ කළ යුතුය.
ඇන්ටෙනා කේබලය
ඇන්ටෙනාවක් රූපවාහිනී
යන්ත්‍රයකට සම්බන්ධ කිරීමට කොඇක්සියල් (coaxial) වර්ගයේ
කේබලයක් භාවිතා කෙරේ. මෙම කේබලය ඕම් 75 ක (75 Ohm)
සම්බාධනයකින් (impedance) යුක්ත
විය යුතුය. කේබලය තුලදී රූපවාහිනී සංඥාවලට වන හානිය අවම කර ගැනීමට හොඳ වර්ගයේ
කේබලයක් භාවිතා කළ යුතුය. සාමාන්‍යයෙන් ඝන, වැඩි කෙඳි ප්‍රමාණයකින් යුත් කේබල්,
හොඳ වර්ගයේ කේබල වන අතර එවන් කේබල් භාවිතයෙන් කේබලය තුල රූපවාහිනී සංඥා වලට වන
හානිය අවම කර හොඳ තත්වයේ රූප ලබා ගත හැක. කේබලයේ දිගද සංඥා හානියට බලපාන වැදගත්
සාධකයකි. වැඩි දිගකින් යුත් කේබලවල සංඥා හානිය වැඩි වන අතර රූප වල තත්වය බාල වීමට
එය එක් හේතුවකි. කේබලයේ දිග වඩාත් බලපාන්නේ UHF සංඥා
වලටය. කොඇක්සියල් කේබලයක් තුල UHF
සංඥා වලට වන හානිය VHF සංඥාවලට
වන හානියට වඩා වැඩිය. එයට හේතුව UHF සංඥා
ඉහළ සංඛ්‍යාතයකින් යුක්ත වීමය. සංඛ්‍යාතය වැඩිවත්ම කේබලය තුල සිදුවන සංඥා හානියද
වැඩිවේ. එම නිසා හැකිතරම් අඩු දිගකින් යුත් කේබලයක් පාවිච්චි කළ හැකි පරිදි ඇන්ටෙනාව
ස්ථානගත කළ යුතුය. කේබලය සම්බන්ධ කරන සම්බන්ධකද (connectors) හොඳ
වර්ගයේ තිබිය යුතු අතර ඒවා නිසි පරිදි සම්බන්ධ කළ යුතුය.
රූපවාහිනී
සංඥා බූස්ටරය
රූපවාහිනී
සංඥා බූස්ටරයකින් දුර්වල සංඥා වර්ධනය කළ හැක. බූස්ටරයක් කොටස් දෙකකින් යුක්තවේ.
සංඥා වර්ධනය කරන බූස්ටරය හා එයට විදුලිබලය සපයන ඒකකය එම කොටස් දෙකයි. බූස්ටරය
ඇන්ටෙනා කනුව මත හැකිතාක් ඇන්ටෙනාවට ලඟින් රඳවා ඇන්ටෙනා කේබලයට සම්බන්ධ කළ යුතුය.
එයට හේතුව ඇන්ටෙනාවෙන් ග්‍රහණය කර ගන්නා දුර්වල සංඥා තවදුරටත් කේබලය තුල හානිවීමට
පෙර එය වර්ධනය කළ යුතු වීමයි. බූස්ටරයට විදුලි බලය සපයන ඒකකය ප්‍රධාන විදුලියට (AC) සම්බන්ධ
කර ඇන්ටෙනා කේබලයටද සම්බන්ධ කළ යුතුය. මෙම ඒකකය මගින් ප්‍රත්‍යාවර්ත විදුලිය (AC) සරළ
ධාරාවකට (DC) පෙරලා ඇනටෙනා කේබලය හරහාම
ඇන්ටෙනා කනුව මත ඇති බූස්ටරයට ලබා දේ. මෙම සරළ ධාරා විදුලිය ඇනටෙනා කේබලයේ
රූපවාහිනී සංඥා සමග මිශ්‍ර වීමක් සිදු නොවේ.
බූස්ටරයක
ප්‍රතිලාභය (gain) යනු
සංඥා වර්ධනය කිරීමේ හැකියාවයි. 3dB ක
ප්‍රතිලාහය මගින් සංඥා දෙගුණයකින් වර්ධනය කළ හැක. 6dB මගින්
4 ගුණයකින්ද 9dB මගින් 8 ගුණයකින්ද සංඥා වර්ධනයවේ. රූපවාහිනී සංඥා හොඳින්
ලැබෙන ප්‍රදේශයක අනවශ්‍ය පරිදි වැඩි ප්‍රතිලාභයක් සහිත බූස්ටරයක් මගින් සංඥා
වර්ධනය කිරීමෙන්ද රූපවල තත්වය අපැහැදිලි විය හැක. සමහර බූස්ටර් වල ප්‍රතිලාභය (gain) අවශ්‍ය
පරිදි වෙනස් කිරීමේ පහසුකමද ඇත.
පරිගණකයෙන්
රූපවාහිනී නැරඹීම
පරිගණකයකට
රූපවාහිනී ටියුනරයක් සම්බන්ධ කිරීමෙන් පරිගණක තිරය මතද රූපවාහිනිය නැරඹිය හැක. පරිගණක
සඳහා USB වර්ගයේ
හෝ ඇතුලතින් සවිකරන PCI
කාඩ් වර්ගයේ TV ටියුනර් සම්බන්ධ කළ හැක. මෙසේ පරිගණකයෙන් රූපවාහිනී නරඹන
විට එම වැඩසටහන් පරිගණකයේ දෘඩ ඩිස්කය (Hard Disk) මත
පටිගත කිරීමේ හැකියාව ද ඇත.
නයිකෑම්
(NICAM)
නයිකෑම් (NICAM - Near Instantaneous Companded Audio
Multiplex) යනුවෙන් හැඳින්වෙන්නේ
ඇනලොග් රූපවාහිනී සම්ප්‍රේෂණයක ස්ටීරියෝ ශබ්ද සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රමයකි.
රූපවාහිනී විකාශයක නයිකෑම් සංඥාවක් සම්ප්‍රේෂණය වන විට නයිකෑම් ඩිකොරයක් සහිත
රූපවාහිනී යන්ත්‍රයක් මගින් සටීරියෝ ශබ්දය ලබාගත හැක. මෙවන් අවස්ථාවලදී නයිකෑම්
පහසුකම නොමැති රූපවාහිනී යන්ත්‍ර මගින් සාමාන්‍ය මොනෝ (Mono) ක්‍රමයට
ශබ්ද ලබා දේ. නයිකෑම් ක්‍රමය මගින් එක වැඩසටහනක ශබ්දය භාෂා දෙකකින් විකාශනය කිරීමේ
හැකියාවද ඇති අතර, නරඹන්නන්ට තමන්ට අවශ්‍ය භාෂාව තෝරා ගෙන ශ්‍රවණය කළ හැක.
ටෙලිටෙක්ස්ට්
(Teletext)
ටෙලිටෙක්ස්ට් යනු රූපවාහිනී
තිරය මත දිස්වෙන ආකාරයට තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රමයකි. මෙම තොරතුරු අකුරු (text) මගින්
රූපවාහිනී තිරය මත දැක ගත හැක. මෙම ක්‍රමය යුරෝපා රටවල බහුලව භාවිතා වේ. මෙමගින්
ප්‍රවෘත්ති, කාලගුණ විස්තර, ක්‍රීඩා තොරතුරු, රූපවාහිනී වැඩසටහන් මාලාවන් ආදිය
විකාශනය කෙරේ. ටෙලිටෙක්ස්ට් තොරතුරු පිටු ගණනාවකින් යුක්ත වේ. මෙම තොරතුරු රූපවාහිනී
සංඥාව තුලම අන්තර්ගත කර සම්ප්‍රේෂණය කෙරේ. ටෙලිටෙක්ස්ට් තොරතුරු සම්ප්‍රේෂණ වන විට
ටෙලිටෙක්ස්ට් ඩිකෝඩරයක් සහිත රූපවාහිනී යන්ත්‍රයක් මගින් එම තොරතුරු රූපවාහිනී
තිරය මත ලබාගත හැක. එක් වරකට තිරය මත එක් පිටුවක් පමණක් දර්ශනය වන අතර දුරස්ථ
පාලකය (remote controller) මගින්
අවශ්‍ය පිටුවලට මාරුවීමේ හැකියව ඇත.
ටෙලිටෙක්ස්ට් තොරතුරු දර්ශනය
උපසිරසි (subtitles)
ටෙලිටෙක්ස්ට්
වල ඇති තවත් විශේෂාංගයකි උපසිරසි සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව. එය තිරය මත පහලින්
අක්‍ෂර වශයෙන් දිස්වේ. මෙය ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ.
රූපවාහිනී වැඩසටහනේ ඇති භාෂාවට අමතරව වෙනත් භාෂාවකින් උපසිරසි මෙමගින් සම්ප්‍රේෂණය
කළ හැක. සාමාන්‍ය රූපවාහිනී සේවාවක උපසිරසි දර්ශනය මෙන් නොව ටෙලිටෙක්ස්ට් හරහා උප
සිරසි සම්ප්‍රේෂණය වන විට තමන්ට අවශ්‍ය පරිදි උපසිරසි දර්ශනය ක්‍රියා විරහිත (off) කළ
හැක.
©කුසල් ඈපා
No comments:
Post a Comment