ඩිජිටල්
රේඩියෝ නැතහොත් Digital
Audio Broadcasting (DAB) යනුවෙන් හඳුන්වන්නේ
ඩිජිටල් තාක්‍ෂණය භාවිතයෙන් විකාශනය වන ගුවන් විදුලි සේවාවන්ය. දැනට භාවිතා වන
සාමාන්‍ය ගුවන් විදුලි සේවාවන් වල සංඥා ඇනලොග් ක්‍රමයට විකාශනය කෙරේ. ඩිජිටල්
රේඩියෝ විකාශනයන් ග්‍රහණය කර ගැනීමට ඩිජිටල් රේඩියෝ සේවාවක සම්ප්‍රේෂණය ආවරණය වන
ප්‍රදේශයක් තුල සිටිය යුතු අතර ඒ සඳහා ඩිජිටල් රේඩියෝ යන්ත්‍රයක් භාවිතා කළ යුතුය.
ඩිජිටල් රේඩියෝ
විකාශනයේදී ශබ්ද සංඥා ඩිජිටල් ක්‍රමයට පත් කිරීමෙන් පසු සම්ප්‍රේෂණය කෙරේ. මෙම
තරංග ග්‍රහණය කර ගන්නා ඩිජිටල් රේඩියෝ යන්ත්‍රයක් ඩිජිටල් සංඥා ශබ්ද තරංග බවට පත් කිරීමෙන් ශ්‍රවණය කිරීමට සලස්වයි.
ඩිජිටල් ගුවන් විදුලි
සේවා වලදී, DSP
(Digital Signal Processing) හෙවත් ඩිජිටල් සංඥා සැකසුම් ක්‍රම, විකාශනය වන සංඥා
හැකිලවීමට (compress)
හා
මෙහෙයවීමට භාවිතයට ගැනේ. ග්‍රහණය වන සංඥා වල ඇති දොස් නිවැරදි කිරීමට විශේෂිත වූ දොස් සැකසීමේ (error correction) තාක්‍ෂණයන්
මෙහිදී භාවිතයට ගැනේ.
AM හා FM වැනි ඇනලොග් ගුවන්
විදුලි විකාශන හා සැසඳීමේදී ඩිජිටල් රේඩියෝ විකාශන වලට විශේෂිත වූ වාසි හා විශේෂාංග
ඇත. රේඩියෝ තරංග මාලාවක ඇනලොග් චැනලයක් ලබා ගන්නා ඉඩ ප්‍රමාණයක් තුල ඩිජිටල් චැනල
කිහිපයක් විකාශනය කළ හැක. ඩිජිටල් රේඩියෝ මගින් වඩා හොඳ ශ්‍රවණ තත්වයක් ලබා දෙන අතර
ඇනලොග් නැතහොත් සාමාන්‍ය රේඩියෝ සේවා වල ඇති අනවශ්‍ය ශබ්ද හා බාධා ආදියෙන් තොරවේ.
ඩිජිටල් රේඩියෝ සේවාවක
ඇති තවත් වාසියක් නම් එකම තරංග සංඛ්‍යාතය (frequency) විවිධ ප්‍රදේශ වල එකිනෙක අතර
බාධාවකින් තොරව භාවිතා කිරීමේ හැකියාවයි. මෙමගින් වාහනයක ඇති රේඩියෝ යන්ත්‍රයක
රේඩියෝ චැනලයක් ශ්‍රවණය කිරීමේදී, එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට යන විට, නැවත
සුසර (tune) කිරීමේ අවශ්‍යතාවය පැන
නොනගී.
ඩිජිටල් රේඩියෝ සේවාවල විශේෂාංග
ඩිජිටල් රේඩියෝ යන්ත්‍රවල
කුඩා තිරයක් මත දත්ත විදහා පෑමේ පහසුකම් ඇත. EPG (Electronic Programme Guide) හෙවත් ඉලෙක්ට්‍රොනික
වැඩසටහන් පෙලගැස්මක් මගින් විකාශනය වන වැඩසටහන් ගැන විස්තර තිරය මත දැක්විය හැක.
එමගින් එක් වැඩසටහනකට විශේෂිත වූ විස්තර හෝ ප්‍රවෘත්ති, කාලගුණ විස්තර ආදිය තිරය
මත දැක්විය හැක. රේඩියෝ චැනලයක් ටියුන් කිරීමද ඉතා පහසුවෙන් කළ හැකි අතර ඒ සඳහා තිරයේ
දැක්වෙන චැනල ලයිස්තුවෙන් එකක් තෝරා ගැනීම පමණක් අවශ්‍ය වේ.
රටවල් කිහිපයකම ඩිජිටල්
රේඩියෝ සේවාවන් දැනටමත් ආරම්භ කර ඇත. ආරම්භයේදී ඇනලොග් හා ඩිජිටල් විකාශයන් දෙකම
එකම අවස්ථාවේ විකාශය කෙරේ. ඉදිරියේදී ඩිජිටල් රේඩියෝ යන්ත්‍ර වැඩි ප්‍රමාණයක්
වෙළඳපළට නිකුත් කිරීමට නිෂ්පාදකයන් බලාපොරොත්තු වන අතර ඒවායේ මිලද ක්‍රමයෙන් පහත
වැටෙනු ඇතැයි අපේක්‍ෂා කළ හැක.
DAB+
ඩිජිටල්
රේඩියෝ සේවා DAB
ප්‍රමිතියෙන් ආරම්භ වූ අතර DAB+ ප්‍රමිතිය දැනට භාවිතා
වන නවතම ප්‍රමිතියයි. DAB+ ප්‍රමිතිය,
DAB ප්‍රමිතියට
වඩා අනර්ඝ සේවාවක් ලබා දේ. පෙර නිපදවූ DAB වර්ගයේ රේඩියෝ යන්ත්‍ර DAB+ ප්‍රමිතියට
අනුකූල නොවේ. DAB ප්‍රමිතියේදී
MP2 කොඩෙක් (codec) ක්‍රමය
ශබ්ද හැකිළවීමට
(compress)
භාවිතා කරන අතර DAB+ ප්‍රමිතියේදී MP4
කොඩෙක් ක්‍රමය භාවිතා වේ. MP4 මගින්
අඩු දත්ත ප්‍රවාහයකින් උසස් ශ්‍රවණ තත්වයක් ලබාදිය හැකි අතර මෙය HE AAC+ (High Efficiency Advanced Audio Coding version 2) වශයෙන්
ද හැඳින්වේ.
DAB රේඩියෝ තරංග මූර්ජනය (modulation) හා සංඛ්‍යාතයන් (frequencies)
DAB රේඩියෝ
තරංග මූර්ජනයට (modulation), COFDM (Coded Orthogonal Frequency Division
Multiplexing) නම්
ක්‍රමය භාවිතා කෙරේ. 174 - 240 MHz (VHF
band III) හා 1452 - 1479 MHz (band L) රේඩියෝ තරංග සංඛ්‍යතයන්
DAB+ සඳහා
වෙන් කර ඇත. එක් එක් රටවල මෙම තරංග පරාසයන් තුල විවිධ කොටස් භාවිතා කෙරේ. සමහර
රටවල් L band තරංග
මාලාවේ කොටස ඩිජිටල් චන්ද්‍රිකා සේවා සඳහා වෙන් කර ඇත.
HD රේඩියෝ
HD රේඩියෝ
නැතහොත් High
Definition Radio යනුවෙන් හැඳින්වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ භාවිතා
වන ඩිජිටල් රේඩියෝ සේවා ප්‍රමිතියයි. AM
හා FM චැනලවල ඩිජිටල් චැනල HD රේඩියෝ
ක්‍රමයට එහිදී විකාශනය කෙරේ. සමහර අවස්ථාවලදී එක් චැනලයක් ඇනලොග් හා ඩිජිටල්
වශයෙන් එකතුකර එකම අවස්ථාවේ විකාශනය කෙරේ. මෙය hybrid digital-analogue චැනලයක් වශයෙන් හැඳින්වේ. බොහෝ HD රේඩියෝ
යන්ත්‍රවල ඩිජිටල් චැනලයක සංඥා දුර්වල අවස්ථාවලදී ඇනලොග් චැනලයකට ස්වයංක්‍රීයව
මාරු වීමේ හැකියාව ඇත.
© කුසල් ඈපා
No comments:
Post a Comment