IPTV යනුවෙන්
දැක්වෙන්නේ ඩිජිටල් රූපවාහිනී සංඥා දුරකථන කේබල් ඔස්සේ විකාශනය කළ හැකි ක්‍රමයකි.
එය බොහෝ විට දුරකථන කේබල් ජාලය අයිති සමාගම මගින් සපයන සේවාවකි. IPTV චැනල් දුරකථන ජාලය ඔස්සේ විකාශනයට ADSL 2+ ක්‍රමය භාවිතා කරන අතර වීඩියෝ සංඥා MPEG-2 හෝ MPEG-4 කේතීකරන
ක්‍රම භාවිතා කර සංකේතනය (encoding) කරනු ලැබේ. මුලින්
තිබූ ADSL ක්‍රමය හොඳ තත්වයේ
රූපවාහිනී සංඥා විකාශනය සඳහා ප්‍රමාණවත් නොවූ අතර එයට වඩා දියුණු ADSL 2+ හා VDSL ක්‍රම මගින් හොඳ තත්වයේ රූපවාහිනී සංඥා දුරකථන
රැහැන් ඔස්සේ විකාශනය කිරීමේ හැකියාව ලැබී තිබේ. අන්තර්ජාලය භාවිතාකරන අවස්ථාවේදීම
එයට බාධා නොවන අයුරින් එම සම්බන්ධතාවයම භාවිතා කර
IPTV චැනල නැරඹිය හැක.
සමහර රටවල IPTV විකාශනයට ප්‍රකාශ
තන්තු (fibre) කේබල් හා දුරකථන
කේබල් සම්බන්ධතාවයන් දෙකම යොදා ගැනේ.
IPTV රූපවාහිනී චැනල් රූපවාහිනී තිරයකට
ලබාදීමට IPTV Set Top
Box නම්
උපකරණයක් භාවිතා කෙරේ. රූපවාහිනී චැනල සංඥා අන්තර්ජාල දත්ත වලට සමාන කුඩා ඩිජිටල්
දත්ත පැකට් වලට පත්කර දුරකථන ජාලය ඔස්සේ ප්‍රවාහනය කෙරේ.
IPTV හා කේබල් TV අතර මූලික වෙනස්කමක් ඇත. කේබල් TV ජාලයක රූප සංඥා එක් ප්‍රදේශයක් තුල දිවෙන කේබලයක් නිවෙස් ගණනාවකට සම්බන්ධ වෙමින් කේබල් TV සම්බන්ධතාවන් එක් එක් නිවසට ලබාදේ. IPTV හිදී දුරකථන හුවමාරු මධ්‍යස්ථානයේ සිට නිවසට වෙනම දිවෙන දුරකථන රැහැන් යුගලක් භාවිතා කෙරෙන අතර එම රැහැන් කොටස වෙනත් නිවෙස් හා හවුලේ භාවිතා කිරීමක් සිදු නොවේ.
IPTV
Set Top Box
මෙමගින්
දුරකථන මාර්ග ඔස්සේ ලැබෙන IPTV
ක්‍රමයට සැකසූ ඩිජිටල් රූපවාහිනී සංඥා සහිත දත්ත පැකට්
එකලස් කර විකේතනය (decode)
කිරීමෙන් නැවත වීඩියෝ සංඥා බවට පත් කෙරේ. මෙම උපකරණය රූපවාහිනී යන්ත්‍රය
මත සාමාන්‍යයෙන් තබන අතර එනිසා සෙට්ටොප් බොක්ස් නමින් හැඳින්වේ. IPTV සෙට් ටොප්
බොක්ස් එකක් දුරකථන රැහැන් යුගලට සම්බන්ධ වන අතර රූපවාහිනී යන්ත්‍රයට ඇති
සම්බන්ධතාවය මගින් වීඩියෝ සංඥා රූපවාහිනී යන්ත්‍රයට ලබා දේ.
සමහර
IPTV සෙට්ටොප් බොක්ස්
මගින් මෙයට අමතරව රවුටරයක් (Router)
වශයෙන්
ක්‍රියාත්මක වී අන්තර්ජාල සම්බන්ධයද ලබාදිය හැක. Wi-Fi
පහසුකම සහිත රවුටරයක්
භාවිතා වේ නම් රැහැන් රහිතව නිවස තුල ඇති පරිගණක සඳහා අන්තර්ජාල පහසුකම් ද ලබාගත
හැක.
IPTV සේවා මගින් ලබාගන්නා රූප සංඥා SD (Standard Definition - සම්මත විභේදන)
හෝ HD (High Definition
- අධි විභේදන) ආකාරයට ලැබිය හැකි අතර HD ආකාරයේ රූප
සංඥා ලබාදීමට IPTV සෙට් ටොප් බොක්ස් එක තුල HD
පහසුකම තිබිය යුතුය.
IPTV මගින් ප්‍රේක්‍ෂකයකුට
තමනට අවශ්‍ය රූපවාහිනී වැඩසටහන් තමන්ට ඕනෑම අවස්ථාවක නැරඹීමේ පහසුකම (on demand TV) ලබාදිය හැක. මෙයට
අමතරව ඉලෙක්ට්‍රොනික වැඩසටහන් පෙළගැස්මක් (electronic programme guide), ඉලක්ක කරගත් වෙළඳ
දැන්වීම් (targeted
advertising) හා
අන්තර් ක්‍රියාකාරී සම්බන්ධතාවයන් (interactive
TV applications), IPTV මගින්
ලබාදෙන අමතර පහසුකම් අතර වේ.
Video
On Demand
මෙමගින්
ප්‍රේක්‍ෂකයන්ට තමන්ට අවශ්‍ය ඕනෑම වේලාවක අවශ්‍ය රූපවාහිනී වැඩසටහන නැරඹිය හැක.
වැඩසටහන් ලයිස්තුවකින් තමන්ට අවශ්‍ය වැඩසටහන තෝරාගෙන එය අවශ්‍ය අවස්ථාවේ නරඹන අතර
කෙටි වේලාවකට එය නැවැත්වීම (pause),
ඉදිරියට
ගෙනයාම (skip/forward),
පසුපසට
ගැනීම (rewind) ආදියද කළ හැක.
අන්තර්ජාල
රූපවාහිනී (Internet
TV)
IPTV හා Internet TV යන ක්‍රම
දෙකේම යම් සමානකම් ඇතැත් IPTV
හා Internet TV අතර මූලික
වෙනස්කම් ඇත. Internet
TV නැරඹීමට අමතර විශේෂ උපකරණ අවශ්‍ය නොවේ. Internet TV යනු අන්තර්ජාලය තුලින් බොහෝ විට නොමිලේ ලබාගන්නා වීඩියෝ දර්ශන ප්‍රවාහයක්
(video streaming) පරිගණක තිරයක් මත
නැරඹීමය. IPTV මෙන් නොව Internet
TV වලදී රූප ප්‍රවාහයේ තත්වය යම් අවස්ථාවල බාල විය හැක.
එයට හේතුව අන්තර්ජාලය හරහා ලැබෙන මෙම වීඩියෝ දර්ශන තත්ව පාලනයකින් තොර ජාලයක්
හරහා ලැබෙන නිසා ය. පරිගණකයක් මගින් අන්තර්ජාලයේ YouTube වීඩියෝ දර්ශන නැරඹීම හෝ රූපවාහිනී චැනලයක් වීඩියෝ ප්‍රවාහයක්
ලෙස අන්තර්ජාල වෙබ් පිටුවක් තුලින් නැරඹීම, Internet TV වල උදාහරණ වේ.
IPTV වලදී සේවා සැපයෙන්නේ පාලනයක් සහිත ජාලයක් (managed network) තුලිනි. එමගින් එහි තත්ව පාලනයක් ඇතිකරගැනීම සඳහා වීඩියෝ දර්ශන සහිත දත්ත
පැකට් වලට සන්නිවෙදන ජාලය තුල ප්‍රමුඛතාව ලබාදේ.
SLT (Sri
Lanka Telecom) සමාගම PEO
TV නමින්
IPTV සේවාවක් ශ්‍රී ලංකාව
තුල ලබා දේ.
© කුසල් ඈපා
No comments:
Post a Comment