ADSL (Asymmetric Digital Subscriber Line) යනුවෙන් දැක්වෙන්නේ රැහැන්
සහිත ස්ථාපිත දුරකථන මාර්ග ඔස්සේ දත්ත සන්නිවේදනය කරන තාක්‍ෂණයකි. ADSL
තාක්‍ෂණය
භාවිතයෙන් අන්තර්ජාල ප්‍රවේශය ලබාගත හැක. මෙම තාක්‍ෂණය මගින් එකවර දුරකථන මාර්ගයක
දුරඇමතුමක යෙදී සිටියදීම අන්තර්ජාලය සැරිසැරීමට ද අවස්ථාව ලැබේ. ADSL
භාවිතයෙන්
ලැබෙන දත්ත සන්නිවේදන වේග ඩයලිත (dialup) සම්බන්ධතාවයකින්
ලැබෙන දත්ත සන්නිවේදන වේගයට වඩා බෙහෙවින් වැඩිය. ADSL සම්බන්ධතාවයක්
සඳහා සාමාන්‍යයෙන් මාසික ගාස්තුවක් අය කෙරෙන අතර එමගින් දිනක පැය 24 පුරාම
අන්තර්ජාල ප්‍රවේශය ලබා ගත හැක. ඩයලිත සම්බන්ධතාවයක මෙන් දුරකථන මාර්ගය භාවිතා වන
කාලය සඳහා වෙනම ගාස්තුවක් මෙහිදී අය නොකෙරේ.
සාමාන්‍ය දුරකථන ඇමතුමකදී
මිනිස් කටහඬ සහිත සංඥා 0-3400Hz සංඛ්‍යාත පරාසය තුල
සන්නිවේදනය කෙරේ. ස්ථාපිත රැහැන් සහිත දුරකථන ජාල මෙම 0-4000Hz
සංඛ්‍යාත
පරාසයේ සංඥා ප්‍රවාහනය කළ හැකි වන සේ නිර්මාණය කෙරුනි. මෙම සංඛ්‍යත පරාසයට ඉහළින් ඇති, දුරඇමතුමක සංඥා
සන්නිවේදනයට භාවිතා නොකෙරෙන සංඛ්‍යාත පරාසය දුර ඇමතුමකට අමතරව දත්ත සන්නිවේදනය
සඳහාද යොදා ගත හැකි බව පසුව තහවුරු විය. ADSL තාක්‍ෂණයේදී
මෙම ඉහළ සංඛ්‍යතා පරාසය දත්ත සන්නිවේදන කටයුතු සඳහා යොදා ගැනේ.
ADSL සංඥා
සංඛ්‍යාත සටහන
උඩු හා යටි සබඳතා (uplink
& downlink)
උඩු සබඳතාවය යනුවෙන් දැක්වෙන්නේ
පරිගණකයක සිට අන්තර්ජාලය වෙත සිදුවන දත්ත සන්නිවේදනයයි. යටි සබඳතාවය යනුවෙන්
දැක්වෙන්නේ අන්තර්ජාලයේ සිට පරිගණකය වෙත සිදුවන දත්ත සන්නිවේදනයයි. ADSL
මගින්
දුරකථන හුවමාරු මධ්‍යස්ථානයයේ සිට උඩු හා යටි සබඳතා සඳහා තරංග පරාස දෙකක් භාවිතා
කෙරේ. ADSL තාක්‍ෂණයේදී යටි සබඳතාවයේ දත්ත
සන්නිවේදන වේගය උඩු සබඳතාවයේ දත්ත සන්නිවේදන වේගයට වඩා බෙහෙවින් වැඩිය.
අන්තර්ජාලය සැරිසැරීමේදී උඩු
සබඳතාවය තුලින් සුළු දත්ත ප්‍රමාණයක් සන්නිවේදනය කෙරේ. වෙබ් පිටුවක් අන්තර්ජාලයෙන්
ඉල්ලීමට අවශ්‍ය දත්ත පැකට් කිහිපයක් යැවීම මෙයට එක් උදාහරණයකි. එසේ ඉල්ලීමක් කළ
වෙබ් පිටුවල ඇති දත්ත යටි සබඳතාවය තුලින් ප්‍රවාහනය කිරීමේදී විශාල දත්ත ප්‍රමාණයක්
පරිගණකයට අන්තර්ජාලයෙන් ලැබේ. මේනිසා ADSL හි උඩු හා යටි සබඳතා
වල ඇති වෙනස් දත්ත සන්නිවේදන වේග අන්තර්ජාලය සැරිසැරීමට බෙහෙවින් යෝග්‍ය වේ.
ADSL තාක්‍ෂණය මගින් උඩු/යටි සබඳතා
සඳහා 64/256kbps
සිට 1/8Mbps දක්වා
දත්ත ප්‍රවාහන වේග සැපයිය හැක. ලබාගන ඇති ADSL සම්බන්ධතාවය
අනුව මෙම සන්නිවේදන වේග දුරකථන සමාගම මගින් සීමා කර ලබා දේ. (ඩයලිත සම්බන්ධතාවයකදී
ලබා ගත හැකි උපරිම උඩු/යටි සබඳතා වේග 33/56kbps වේ.)
දුරකථන මාර්ග වල තත්වය
ADSL තාක්‍ෂණය සඳහා දුරකථන රැහැන්
භාවිතා කරන හෙයින් එම රැහැන් වල තත්වය දත්ත සන්නිවේදන වේග කෙරෙහි දැඩි බලපැමක් ඇති
කරයි. වැඩි විෂ්කම්භයකින් යුත් රැහැන් වලින් වැඩි දුරකට වැඩි වේග වලින් දත්ත
සන්නිවේදනය කළ හැක. හොඳින් සවි නොවූ හා බාල තත්වයේ සන්ධි (joint),
පැරණි සන්ධි හා රැහැන්, මලකඩ හා ඔක්සයිඩ බැඳුන සන්ධි ආදියෙන් දත්ත සන්නිවේදන වේග
අඩාල කෙරේ.
සාමාන්‍යයෙන් දුරකථන හුවමාරු
මධ්‍යස්ථානයක සිට 6km පමණ දුරකට දුරකථන මාර්ග ඔස්සේ ADSL
සේවා
ලබාගත හැක. මෙම දුර වැඩිවත්ම දත්ත
සම්බන්ධතාවයේ වේගය හා තත්වය අඩුවීමක් දක්නට ලැබේ. මෙයට අමතරව දුරකථන හුවමාරු මධ්‍යස්ථානයේ
සිට ප්‍රකාශ තන්තු (fibre) කේබල යම් දුරකට යොදවා එතැන්
පටන් දුරකථන රැහැන් භාවිතා කිරීමෙන් වැඩි දුරකට වැඩි දත්ත සන්නිවේදන වේග ලබා දෙන
ක්‍රමයක් ද දැනට භාවිතා වේ.
ADSL සේවා ලබාගැනීම සඳහා
මූලික අවශ්‍යතා
·
ස්ථාපිත රැහැන් සහිත දුරකථන
සම්බන්ධතාවයක්
·
සම්බන්ධවී ඇති දුරකථන හුවමාරු
මධ්‍යස්ථානය මගින් ADSL සේවා ලබාදීමට හැකිවීම
·
දුරකථන හුවමාරු මධ්‍යස්ථානයේ
සිට පරිශ්‍රයට ඇති දුර 6km ට වඩා අඩුවීම (ප්‍රකාශ තන්තු
කේබල භාවිතයෙන් මෙම දුර මෙයට වඩා වැඩි කර ගත හැක), මෙයට වඩා වැඩි දුරක් ඇත්නම් ADSL
සේවය
ලබාගැනීමට හැකිදැයි දැනගැනීමට රැහැන් පරීක්‍ෂණයක් (line test) කළ
යුතුය. මෙම දුර ප්‍රමාණය වැඩිවත්ම ලැබෙන ADSL සේවාවේ
තත්වය හා දත්ත සන්නිවේදන වේග අඩුවේ.
·
ADSL මෝඩමයක්
ඉහත සඳහන් අවශ්‍යතා සම්පූර්ණ වේ
නම් ADSL
සේවා
සඳහා ලියාපදිංචි වී ඒ සඳහා ගෙවීම් කළ පසු ADSL සම්බන්ධතාවය
ලබාගත හැක.
ADSL සේවා පැකේජ
ADSL සේවා විවිධ රටවල විවිධ පැකේජ
යටතේ වෙනස් දත්ත සන්නිවේදන වේග හා දත්ත පරිමා සඳහා ලබා දේ. මෙම පැකේජ වල මිල ගණන්
උඩු හා යටි සබඳතා වේග හා බාගත කළ හැක දත්ත පරිමා මත රඳා පවතී. දළ වශයෙන් ADSL
සේවා
පැකේජ වර්ග තුනකින් සැපයේ.
1.
යම් දත්ත සන්නිවේදන වේගයකින්
මාසයකට සීමා රහිත දත්ත පරිමාවක් සඳහා
2.
යම් දත්ත සන්නිවේදන වේගයකින්,
මසකට සීමිත දත්ත පරිමාවක් සඳහා, මෙම දත්ත පරිමාව ඉක්ම වූ පසු දත්ත සන්නිවේදන වේගය
එම මාසය නිමාවනතුරු අඩු වේගයකට සීමා කෙරේ.
3.
යම් දත්ත සන්නිවේදන වේගයකින්,
මසකට සීමිත දත්ත පරිමාවක් සඳහා, මෙම දත්ත පරිමාව ඉක්ම වූ පසු බාගත කරන දත්ත සඳහා
අමතර ගෙවීමක් කළ යුතුවේ.
ADSL මෝඩම
ADSL මෝඩම ඩයලිත මෝඩම වලට වඩා මිලෙන්
වැඩි ය. ADSL මෝඩම වර්ග කිහිපයකි. ADSL
USB මෝඩමයක් පරිගණකයේ USB තොටට
(port)
මගින්
සම්බන්ධ කෙරේ. ADSL මෝඩම් රවුටරයක් පරිගණකයට
සම්බන්ධ කෙරෙන්නේ ඊතර්නෙට් (Ethernet) කේබලයක්
මගින් ඊතර්නෙට් තොට සමගය. සමහර ADSL මෝඩම වල USB
හා
ඊතර්නෙට් සම්බන්ධතා දෙකටම පහසුකම් ඇත. ADSL සම්බන්ධතාවයකට එකවර
පරිගණක එකකට වඩා වැඩිගණනක් සම්බන්ධ කිරීමට අවශ්‍ය වූ අවස්ථාවල රවුටර් පහසුකම් සහිත
ADSL
මෝඩමයක්
හෝ වෙනම රවුටරයක් භාවිතා කළ හැක. මෙවැනි ADSL රවුටර්
වල සාමාන්‍යයෙන් ඊතර්නෙට් තොට 4ක් ඇත. වයිෆයි පහසුකම් සහිත ADSL
මෝඩම්ද
ලබාගත හැකි අතර මෙහිදී පරිගණක එකකට හෝ වැඩි ගණනකට රැහැන් රහිතව ADSL
මෝඩමය
හා වයිෆයි මගින් සම්බන්ධ විය හැක. ADSL සේවය ලබාගැනීමට ADSL
මෝඩම
නිසි පරිදි වින්‍යාස (configure) කළ යුතුවේ. ADSL
සේවාව
සපයන ආයතනය මගින් සපයන පරිශීලක නාමය (user name) හා
මුරපදය (password) ADSL මෝඩමයට
ඇතුළු කිරීමෙන් එය වින්‍යාස කළ යුතුය.
ADSL ෆිල්ටර්/ස්ප්ලිටර්
(ADSL filter/splitter)
ADSL පහසුකම සහිත දුරකථන මාර්ගයකට
දුරකථනයක් සම්බන්ධ කිරීමේදී දුරකථනයට පෙර ADSL ස්ප්ලිටරයක්
හෝ ෆිල්ටර්යක් යෙදිය යුතුය. දුර ඇමතුමකදී ADSL සංඥා
මගින් ඇතිවන ඝෝෂාව අවම කිරීම හා දුර ඇමතුම විසන්ධි වීම වැළැක්වීම මෙහි අරමුණයි. ADSL
ෆිල්ටර්,
මයික්‍රෝ ෆිල්ටර් (micro filter) යනුවෙන්ද හැඳින්වේ. ADSL
ස්ප්ලිටර්/ෆිල්ටර්
මගින් දුර ඇමතුමේ සංඥා ADSL සංඥා වලින් වෙන් (isolate)
කෙරේ.
ADSL
ස්ප්ලිටර්/ෆිල්ටර්
කුඩා ප්ලාස්ටික් පෙට්ටියක හැඩයක් ගන්නා අතර ඒ තුල ඉලෙක්ට්‍රොනික පරිපථයක් ඇත.
ADSL සම්බන්ධතාවයක
උපකරණ, ස්පිලිටර්/ෆිල්ටර් සම්බන්ධ වන අයුරු
ADSL2
ADSL2 මගින් ADSL තාක්‍ෂණය
වැඩි දියුණු කිරීමෙන් වැඩි දත්ත සන්නිවේදන වේග ලබා දේ. 12Mbps හා
3.5Mbps
දක්වා
යටි හා උඩු සබඳතා වේග ADSL2 මගින් ලබා දිය හැක.
ADSL2+
ADSL2+ සේවා මගින් 24Mbps
හා
3.5Mbps
දක්වා
යටි හා උඩු සබඳතා වේග ලබාදිය හැක. මෙම දත්ත සන්නිවේදන වේග දුරකථන හුවමාරු මධ්‍යස්ථානයේ
සිට පරිශ්‍රයට ඇති දුර, භාවිතා කරන ADSL මෝඩමයේ වර්ගය,
දුරකථන මාර්ගයේ තත්වය ආදිය මත රඳා පවතී. ADSL2+ හි
ඇති වැඩි වේග ලබා ගැනීමට නම් භාවිතා කරන ADSL මෝඩමයද
ADSL2+
වර්ගයේ
මෝඩමයක් විය යුතුය.
ADSL2+ හිදී ADSL වල
සංඥා සඳහා භාවිතා කරන සංඛ්‍යාත පරාසය වන 1.1MHz මෙන්
දෙගුණයක එනම් 2.2MHz දක්වා සංඛ්‍යාත පරාසයක් සංඥා ප්‍රවාහනය
සඳහා යොදා ගැනේ. ADSL2+ මෝඩම ADSL සමග
පසු ගැලපුම් වන (backward compatible) වන නිසා ADSL
සේවා
සමගම භාවිතා කළහැක. ADSL2+ සඳහා විශේෂිත වූ වැඩි සංඛ්‍යාත
පරාසයකට අනුකූලව ක්‍රියා කරන ෆිල්ටර් ඇති අතර ADSL2+ සේවයේ
දී දුරකථන සඳහා එම ෆිල්ටර් යොදාගත යුතුය. සාමාන්‍ය ADSL ෆිල්ටර
ADSL2+
සේවා
වලදී භාවිතා කළ හැකි වුවත් මෙහිදී නිසි ක්‍රියාකාරිත්වයේ අඩුවක් විය හැක.
දත්ත සන්නිවේදන සම්බන්ධතාවයේ
වේගය හා දත්ත සාධික ප්‍රමාණය (data throughput)
ADSL සම්බන්ධතාවයේ සන්නිවේදන වේගය හා
දත්ත සාධික ප්‍රමාණය අතර විශේෂ වෙනස් කමක් ඇත. ADSL සම්බන්ධතාවයේ
සන්නිවේදන වේගය යනුවෙන් දැක්වෙන්නේ පරිගණකය හා දුරකථන හුවමාරු මධ්‍යස්ථානය අතර
සම්බන්ධතාවයේ දත්ත සන්නිවේදන වේගයයි. අන්තර්ජාලය සැරිසරන අවස්ථාවල දත්ත බාගත
කිරීමේදී මෙම වේගයට අඩු දත්ත සාධික ප්‍රමාණයක් ලැබේ. මෙය කරුණු කිහිපයක් මත රඳා
පවතී. ජාත්‍යන්තර අන්තර්ජාල සම්බන්ධතාවයේ හා සම්බන්ධ වී ඇති සර්වරයේ අන්තර්ජාල
සම්බන්ධතාවයේ සන්නිවේදන වේගය හා තදබදය (congestion),
එම අවස්ථාවේ එම සර්වරයට සම්බන්ධවී ඇති පරිගණක ප්‍රමාණය ආදිය මත මෙම දත්ත සාධික ප්‍රමාණය
රඳා පවතී.
පියවි DSL
(Naked
DSL)
පියවි DSL යනුවෙන්
හැඳින්වෙන්නේ දුරකථන සමාගමකින් දුරකථන රැහැන් යොදා දුරකථන සම්බන්ධතාවයකින් තොරව ADSL
සේවා
පමණක් සැපයීමයි. රටවල් ගණනාවක දුරකථන සමාගම් මෙවන් පියවි DSL සේවා
ලබා දෙන අතර ග්‍රාහකයන්ට දුරකථන සම්බන්ධතාවයක් හා ඒ ආශ්‍රිත මාසික ගෙවීමෙන් තොරව ADSL
සේවාව
සඳහා පමණක් ගෙවීමෙන් මෙම සේවාව ලබාගත හැක. මෙවන් අවස්ථාවක ග්‍රාහකයකුට අවශ්‍යනම් IP/SIP
දුරකථනයක්
ADSL
රවුටරයට
සම්බන්ධ කර සාමාන්‍ය දුරකථන සේවාවලට වඩා අඩු මුදලකට IP දුරකථන
සේවය ලබාගැනීමට අවකාශ ඇත.
XDSL
DSL සේවා මගින් ADSL
සේවාවලට
වඩා වෙනස්ව උඩු හා යටි සබඳතා සඳහා එකම දත්ත සන්නිවේදන වේගයක් සහිතව සන්නවේදන
සම්බන්ධතා ලබාගත හැක. DSL තාක්‍ෂණ කිහිපයක් XDSL
යනුවෙන්
පොදුවේ හඳුන්වනු ලැබේ. VDSL (Very High
Speed Digital Subscriber Line), VDSL2, HDSL (High Data rate Digital Subscriber
Line), HDSL2, SDSL(Symmetric Digital Subscriber Line) ආදිය මෙම XDSL සේවා
අතර වේ. දුරකථන සමාගම් මගින් XDSL සේවා වැඩි වශයෙන් ව්‍යාපාරික
කටයුතු සඳහා ආයතන වෙත සපයනු ලැබේ.
No comments:
Post a Comment