වයිෆයි (Wi-Fi) යනුවෙන් දැක්වෙන්නේ රැහැන් රහිතව රේඩියෝ තරංග භාවිතයෙන් පරිගණක හා ආශ්‍රිත උපකරණ අතර දත්ත හුවමාරු කර ගැනීමට භාවිතා කරන තාක්‍ෂණයකි.
වයිෆයි භාවිතයේ උදාහරණ
· පරිගණකයක් මගින් මුද්‍රණය සඳහා ප්‍රින්ටරයක් (printer) වෙත
ලේඛන වයිෆයි භාවිතයෙන් පරිගණකයේ සිට ප්‍රින්ටරය වෙත යැවිය හැක. මේ සඳහා පරිගණකය හා
ප්‍රින්ටරය කේබලයකික් සම්බන්ධ කිරීම අවශ්‍ය නොවේ. මෙහිදී පරිගණකය හා ප්‍රින්ටරය
තුල වයිෆයි පහසුකම තිබිය යුතුය. ඒවා රැහැන් රහිතව වයිෆයි මගින් සම්බන්ධ වේ.
· කාර්යාලයීය පරිගණක ජාලයක පරිගණක වලට රැහැන් රහිතව
වයිෆයි භාවිතයෙන් එකිනෙක අතර සම්බන්ධතාවය පවත්වා ගත හැක. කාරයාලයේ වයිෆයි ජාලයට
සම්බන්ධ ප්‍රවේශ ස්ථාන (AP-Access Point) මගින් කාර්යාලයේ පරිගණක ජාලය හා සම්බන්ධ සර්වර්
වලට වයිෆයි මගින් සම්බන්ධ වී දත්ත හුවමාරු කරගත හැක. මේ සඳහා පරිගණක තුල වයිෆයි
පහසුකම තිබිය යුතු අතර ප්‍රවේශ ස්ථාන වල සංඥා වලින් ආවරණය වන ප්‍රදේශයක පරිගණක
තිබිය යුතුය. මෙසේ කාර්යාලයක් තුල ඇති රැහැන් රහිත ප්‍රාදේශීය පරිගණක ජාලයකට (WLAN – Wireless Local Area Network) සම්බන්ධවූ අවස්ථාවක එම ජාලයේ අන්තර්ජාල ප්‍රවේශ
ද්වාරයක් (internet gateway) ඇත්නම් එමගින් අන්තර් ජාල පහසුකම ද ලබා ගත හැක.
මෙවන් අවස්ථාවල කාරයාලයීය පරිගණක ජාල වලට සම්බන්ධ වීමට වෙනම කේබල් සම්බන්ධතා අවශ්‍ය
නොවන අතර සම්බන්ධ වන පරිගණකවල වයිෆයි පහසුකම තිබිය යුතුය. වයිෆයි
පහසුකම් නොමැති පරිගණක වලට වයිෆයි පහසුකම සපයන කාඩ් එකක් සවි කිරීමෙන් හෝ USB Wi-Fi උපාංගයක් පිටතින් සම්බන්ධ කිරීමෙන් එම පහසුකම
ලබාගත හැක.
· වයිෆයි භාවිතයට නොරැහැන් රවුටරයක් (wireless router) ඇති අවස්ථාවේදී දුරකථන මාරගයකට සම්බන්ධ ADSL මෝඩමයක්
මගින් ලබා දෙන අන්තර්ජාල ප්‍රවේශ පහසුකම් කේබල් රහිතව වයිෆයි මගින් සම්බන්ධිත
පරිගණක වලට ලබා ගත හැක. මෙහිදී සම්බන්ධවන
පරිගණක හා උපකරණවලට වයිෆයි පහසුකම් තිබිය යුතුය.
· පොදු ස්ථානවල භාවිතයට වයිෆයි hotspot ඇති
අවස්ථාවල වයිෆයි පහසුකම සහිත නෝට්බුක්/ලැප්ටොප් පරිගණක හෝ වයිෆයි සහිත ජංගම දුරකථන
මගින් ඒ සමග සම්බන්ධ විය හැක. සමහර ආපන ශාලා, හෝටල්, ගුවන් තොටුපළවල් ආදී ස්ථානවල වයිෆයි
hotspot පහසුකම් ඇති අතර මේවා සමග සම්බන්ධවීම නොමිලේ හෝ
ගෙවීමක් කිරීමෙන් කළ හැක.
වයිෆයි පහසුකම ඇති පරිගණක දෙකකට හෝ වැඩි
ගණනකයට ලඟ ඇති අවස්ථාවල එකිනෙක සමග රැහැන්
රහිතව සම්බන්ධතා පවත්වාගත හැක. මෙමගින් පරිගණක අතර දත්ත හුවමාරු කරගත හැක. මෙවන්
සම්බන්ධතා සම-සම (P2P – Peer to Peer) සම්බන්ධතා නමින් හැඳින්වේ.
ගෘහස්ත නොරැහැන් පරිගණක ජාල
ගෘහස්ත නොරැහැන් පරිගණක ජාල (Home wireless network) මගින් නිවෙසක් තුල තිබෙන පරිගණක අතර සම්බන්ධතා
ඇති කර ගත හැකි අතර මෙමගින් ප්‍රින්ටරයක් හෝ අන්තර්ජාල ප්‍රවේශ සම්බන්ධතාවයක් හවුලේ
පරිහරණය කළ හැක.
ගෘහස්ථ වයිෆයි ජාලයක්
වයිෆයි පහසුකම සහිත උපකරණ
වයිෆයි භාවිතය සඳහා පරිගණක හෝ ආශ්‍රිත උපකරණ වල වයිෆයි
පහසුකම තිබිය යුතුය. පරිගණකයකට වයිෆයි ජාලයකට සම්බන්ධ වීමට එහි නොරැහැන් ජාල
ඇඩැප්ටරයක් (Wireless Network Adaptor) තිබිය යුතුය. මෙය Wireless NIC (Network Interface Card) යනුවෙන්ද හැඳින්වේ. මෙය රේඩියෝ සම්ප්‍රේෂණ හා ග්‍රාහක
උපකරණ වලින් සමන්විත වේ. බොහෝ නවීන ලැප්ටොප්/නෝට්බුක් පරිගණක වල මෙම උපකරණ
ඇතුලතින්ම සවිකර ඇත.
USB වයිෆයි ඇඩැප්ටරයක්
සම සම (ආවස්ථික) සම්බන්ධතා - P2P -Peer to Peer (ad hoc) connections
P2P ජාලයක් තුල වයිෆයි පහසුකම සහිත පරිගණක එකිනෙක සමග
සෘජුවම සම්බන්ධතා පවත්වා ගනී. මෙහිදී ප්‍රවේශ ද්වාරයක් (gateway),
රවුටරයක් හෝ ප්‍රවේශ ස්ථානයක් (AP-Access
Point) භාවිතා නොවේ. පරිගණක දෙකක් හෝ වැඩි ගණනක් අතර
දත්ත හුවමාරුවට හා තනි අන්තර්ජාල ප්‍රවේශ සම්බන්ධතාවයක් පරිගණක කිහිපයක් අතර හවුලේ
භාවිත කිරීමට මෙවන් ජාලයක් ප්‍රයෝජනවත් වේ.
නොරැහැන් රවුටර් (wireless routers)
නොරැහැන් රවුටරයක් තුල රවුටරයක හා ප්‍රවේශ
ද්වාරයක (AP-Access Point) සිදුකරන ක්‍රියාවලි දෙකම ඉටු කෙරේ. නොරැහැන්
රවුටරයක් ADSL මෝඩමයක් සමග සම්බන්ධ කිරීමෙන් එය ADSL පහසුකම
සහිත දුරකථන මාරගයකට සම්බන්ධ කර නිවසක් තුල හෝ කාරයාලයක් තුල නොරැහැන් ජාලයක් (wireless network) ස්ථාපිත කළ හැක. වයිෆයි සහිත පරිගණක වලට මෙවන් නොරැහැන්
ජාලයකට සම්බන්ධ වී අන්තර්ජාල ප්‍රවේශ පහසුකම් ලබා ගත හැක.
වයිෆයි රවුටරයක්
IEEE 802.11
IEEE 802.11 යනුවෙන් දැක්වෙන්නේ විදුලි හා ඉලෙක්ට්‍රොනික
ඉංජිනේරුවන්ගේ ආයතනය (IEEE – Institute of
Electrical and Electronic Engineers) සකස්
කර ඇති නොරැහැන් පෙදෙසි ජාල (WLAN - Wireless Local Area Networks) සඳහා භාවිතා වන ප්‍රමිති මාලාවකි.
මුලින් 802.11
ප්‍රමිතිය 2Mbps
දක්වා දත්ත සන්නිවේදන වේග සඳහා පමණක් අදාල වූ
නමුත් පසුව එයට වඩා වැඩි දත්ත සන්නිවේදන වේග සඳහා එම ප්‍රමිතියේ a, b, g, හා
n සංස්කරණ එයට එක් කරන ලදී.
802.11a
802.11a ප්‍රමිතිය 5GHz
(5.15-5.35GHz) රේඩියෝ තරංග
මාලාව සඳහා අදාල වේ. මෙහිදී චැනල 8ක්
සහිතව OFDM (Orthogonal Frequency
Division Multiplexing) නම්
රේඩියෝ තරංග මූර්ජන ක්‍රමය භාවිතා කෙරේ. මෙම ප්‍රමිතියේ ලබා ගත හැකි දත්ත
සන්නිවේදන වේගය 54Mbps ලෙස දක්වා ඇතත් ප්‍රායෝගිකව ලබා ගත හැකි වේගය
බොහෝ අවස්ථාවල 25Mbps වලට වඩා අඩුවේ. මෙහිදී 802.11b හා
802.11g ප්‍රමිති වලට වඩා ඉහළ රේඩියෝ සංඛ්‍යාතයක්
භාවිතා වන නිසා සංඥාවලින් ආවරණය වන ප්‍රදේශය
අඩු වන අතර බිත්ති හා අනෙකුත් බාධා මැඩගෙන සංඥා ව්‍යාප්ත වීමේ හැකියාව අඩුය.
802.11b
802.11b ප්‍රමිතියේ වයිෆයි උපකරණ 2.4GHz රේඩියෝ
සංඛ්‍යාතයේ ක්‍රියා කරයි. මෙම සංඛ්‍යාතයේම බ්ලූටූත් උපාංග, නොරැහැන් දුරකථන (cordless phones) හා මයික්‍රොවේව් උදුන් ආදිය ක්‍රියා කරන අතර ඒවා
මගින් මෙම සංඛ්‍යාතයේ වයිෆයි උපකරණවලට බාධා ඇතිවිය හැක. ලබාගත හැකි උපරිම දත්ත
සන්නිවේදන වේගය 11Mbps වන අතර ප්‍රායෝගිකව 4-6 Mbps අතර
දත්ත සන්නිවේදන වේගයන් ලබා ගත හැක. මෙම ප්‍රමිතියේ උපරකණ භාවිතා කරන රේඩියෝ තරංග
මූර්ජන ක්‍රමය DSSS (Direct Sequence
Spread Spectrum) නමින්
හැඳින්වේ. මෙම මූර්ජන ක්‍රමයේදී ඝෝෂා (noise)
හා අතුරු බාධා (interference) වලින්
වන බාධා අවම වන අතර රේඩියෝ සංඥා තරංගමාලාවේ පුළුල් කළාපයක් තුල ව්‍යාප්ත (spread) කිරීමෙන්
සම්ප්‍රේෂණය කෙරේ.
802.11g
මෙම ප්‍රමිතිය wireless-G නමින් ද
හැඳින්වෙන අතර 802.11b ප්‍රමිතියේදී භාවිතා කළ 2.4GHz තරංග
මාලාවම මෙහිදී ද භාවිතා කෙරේ. එය 802.11b ප්‍රමිතිය සමග අනුකූලව (backward compatible) ක්‍රියා කරයි. දක්වා ඇති උපරිම දත්ත සන්නිවේදන වේගය
54Mbps වන අතර ප්‍රායෝගිකව 7-16Mbps අතර
වේගයක් ලබාගත හැක. මෙම ප්‍රමිතියේ උපකරණවල රේඩියෝ තරංග මූර්ජනයට OFDM
මූර්ජන ක්‍රමය භාවිතා කෙරේ. යම් අවස්ථාවලදී මෙම තරංග මාලාවම භාවිතා කරන අනෙකුත්
උපකරණ වලින් මෙම ප්‍රමිතියේ භාවිතා වන වයිෆයි උපරකණ වලට බාධා ඇති විය හැක.
802.11n
මෙම ප්‍රමිතිය 802.11 ප්‍රමිති මාලාවේ නවතම ප්‍රමිතියයි.
මෙහිදී 100-600Mbps දක්වා උපරිම දත්ත සන්නිවේදන වේග ලබා ගත හැක. මෙම
ප්‍රමිතිය 802.11g ප්‍රමිතිය වැඩි දියුණු කිරීමෙන් සකසා ඇති අතර 2.4GHz හා
5GHz රේඩියෝ සංඛ්‍යාත දෙකම මෙහිදී භාවිතා කළ හැක. MIMO (Multiple Input Multiple Output) නමින් හැඳින්වෙන තාක්‍ෂණය මෙහිදී භාවිතයට ගත
හැක. MIMO තාක්‍ෂණයේදී එක් අවස්ථාවක ඇන්‍ටෙනා එකකට
වැඩිගණනක් භාවිතයෙන් සමාන්තර දත්ත ප්‍රවාහ කිහිපයක් සම්ප්‍රේෂණයට හා ග්‍රහණයට
අවස්ථාව ලැබේ. මෙම ප්‍රමිතියේ උපකරණ OFDM නම් රේඩියෝ තරංග මූර්ජන ක්‍රමය භාවිතා කරයි. 802.11n උපකරණ
2.4GHz හා 5 GHz රේඩියෝ සංඛ්‍යාත භාවිතා කරන නිසා 802.11a/b/g යන
ප්‍රමිති තුනටම අනුකූලතාවය (backward
compatible) දක්වයි.
802.11n හි වැඩි දත්ත සන්නිවේදන වේග නිසි පරිදි ලබා ගැනීමට නම් අන්ත දෙකේම ඇති උපකරණ 802.11n ප්‍රමිතියට අනුකූල විය යුතුය. 5GHz රේඩියෝ තරංග මාලාව භාවිතය දත්ත සන්නිවේදන වේගය වැඩියෙන් ලබා ගැනීමට විශේෂයෙන් උපකාර වේ. 802.11n හි වැඩි දත්ත සන්නිවේදන වේග එම ප්‍රමිතියේ ඇති සාමාන්‍ය හෝ විකල්ප (optional) පහසුකම් භාවිතය මත රඳා පවතී. සාමාන්‍ය භාවිතයේ දී 20MHz පළල රේඩියෝ තරංග මාලා කලාප දෙකක් භාවිතා වන අතර විකල්ප පහසුකම භාවිතයේ දී 40MHz පළල රේඩියෝ තරංග කලාප දෙකක් භාවිතයෙන් වැඩි දත්ත සන්නිවේදන වේග ලබා දේ. 40MHz පළල රේඩියෝ තරංග කලාප 4 ක් භවිතයටද අවස්ථාව ඇති අතර එවන් අවස්ථාවල 600Mbps දක්වා දත්ත සන්නිවේදන වේග ලබා දීමට හැකියාව ඇත.
802.11 a, b, g, n ප්‍රමිතිවල අනුකූලතා
802.11a හා 802.11b
ප්‍රමිතිවල උපකරණ වෙනස් රේඩියෝ සංඛ්‍යාත භාවිතා
කරන හෙයින් එකිනෙක අනුකූල නොවේ. සමහර උපරකණ 802.11a
හා 802.11b
ප්‍රමිති දෙකම සමග ක්‍රියා කිරීමට (dual band)
නිපදවා ඇති අතර මෙම උපකරණ එක් අවස්ථාවක මෙම ප්‍රමිතීන් දෙකෙන් එකකට අනුකූලව ක්‍රියා
කරයි.
802.11g උපකරණ 802.11b
උපකරණ සමග අනුකූලතාවයක් දක්වයි. එයට හේතුව එම ප්‍රමිතීන්
දෙකම එකම රේඩියෝ තරංග සංඛ්‍යාතය (2.4GHz) භාවිතා කිරීමයි.
802.11n උපකරණ 802.11
a/b/g උපකරණ සමග අනුකූලතාවයක් දක්වයි. 802.11n උපකරණ
2.4GHz හා 5GHz රේඩියෝ තරංග දෙකම භාවිතා කිරීමට හැකියාව ඇති නිසා
මෙසේ අනුකූලතාවය දක්වයි.
සාරාංශයක් වශයෙන් 802.11 ප්‍රමිතියේ උපකරණ වල අනුකූලතාවය පහත දැක්වේ.
802.11a උපකරණ 802.11a
හා 802.11n උපකරණ සමග අනූකූලතාව දක්වයි.
802.11b උපකරණ 802.11b,
802.11g හා 802.11n උපකරණ සමග අනූකූලතාව දක්වයි.
802.11g උපකරණ 802.11b,
802.11g හා 802.11n උපකරණ සමග අනූකූලතාව දක්වයි.
802.11n උපකරණ 802.11a,
802.11b, 802.11g හා 802.11n
උපකරණ සමග අනූකූලතාව දක්වයි.
මෙම ප්‍රමිතීන් වල ඇති උපකරණ භාවිතයෙන්
සම්බන්ධතාවයන් ඇති කළ විට එම උපකරණ ප්‍රමිතීන් දෙකකට අයත් නම් එයින් අඩු දත්ත
සන්නිවේදන වේගයක් ලබා දෙන ප්‍රමිතියට අදාල වේගය එම සම්බන්ධතාවයේ උපරිම වේගය
වශයෙන් ලබා ගත හැක. උදාහරණයක් වශයෙන් 802.11b
හා 802.11g
උපකරණ භාවිතයෙන් සම්බන්ධතාවයක් ඇති කළ අවස්ථාවක
මෙම ප්‍රමිතීන් දෙකෙන් අඩු වේගයක් ලබා දෙන ප්‍රමිතිය වන 802.11b ප්‍රමිතියට
අදාල උපරිම වේගය (11Mbps) පමණක් ලබා දේ.
වයිෆයි දත්ත සන්නිවේදන වේග
දත්ත සන්නිවේදන වේග කරුණු කිහිපයක් මත රඳා පවතී.
සම්බන්ධවන උපකරණ අතර දුර, ගොඩනැගිල්ලේ ස්වභාවය හා බිත්ති තනා ඇති ද්‍රව්‍ය,
නොරැහැන් දුරකථන (cordless phones) හා අනකුත් උපකරණ වලින් ඇතිවන අතුරු බාධා ආදිය මත
මෙම වේගයන් වෙනස් වේ. කෙටි දුර ප්‍රමාණ වලදී වැඩි දත්ත සන්නිවේදන වේග ලබා ගත හැකි
අතර සම්බන්ධ වන උපකරණ අතර දුර වැඩිවත්ම දත්ත සන්නිවේදන වේගය අඩුවේ. එක් වයිෆයි
ජාලයක් තුල එම ජාලය භාවිතා කරන්නන් ගේ ගණන වැඩි වත්ම දත්ත සන්නිවේදන වේගය ද අඩුවේ.
එයට හේතුව රේඩියෝ තරංග කලාපය භාවිත කරන්නන් අතර හවුලේ බෙදී යාමය.
වයිෆයි ජාලයක දත්ත සන්නිවේදන වේගය මගින්
දැක්වෙන්නේ උපකරණ අතර සම්බන්ධතාවය පවතින වේගය වන අතර අන්තර්ජාල දත්ත බාගත කරීමේ
වේග, රවුටරය අන්තර්ජාලයට සම්බන්ධ වන වේගය හා අන්තර්ජාලයේ තදබදය (congestion) මත රඳා පවතී. සාමාන්‍ය අඩු වේගී වයිෆයි
සම්බන්ධතාවයක් පවා ගෘහස්ථ අන්තර්ජාල සම්බන්ධතාවයකට වඩා වැඩි දත්ත සන්නිවේදන
වේගයකින් යුක්තය. වයිෆයි දත්ත සන්නිවේදන වේග වලින් අඩුම වේගයක් දක්වන 802.11b හිදී
11Mbps දත්ත සන්නිවේදන වේගයක් දක්වන අතර, ප්‍රායෝගිකව 6Mbps පමණ
වේගයක් ලබා ගත හැක. මෙම වේගය සාමාන්‍ය අන්තර්ජාල සම්බන්ධතාවයක ලබා දෙන දත්ත සන්නිවේදන
වේගයට වඩා වැඩි වේගයකි.
වයිෆයි සංඥා ආවරණය වන දුර
2.4GHz තරංග මාලාව භාවිතා වන අවස්ථාවලදී (802.11b/g හා
802.11n, 2.4GHz භාවිතා කරන අවස්ථා) සාමාන්‍යයෙන් 45m පමණ
දුරකට ගොඩනැගිල්ලක් තුල ද එළිමහනේ 500m පමණ දුරකට ද වයිෆයි සංඥා ආවරණය වේ. 5GHz තරංග
මාලාව භාවිත වන අවස්ථාවල (802.11a හා 802.11n
5GHz භාවිතා කරන අවස්ථා) වයිෆයි සංඥා ආවරණය වන දුර 2.4GHz තරංග
මාලාව භාවිතයේ ආවරණය වන දුරට වඩා තුනෙන් එකක පමණ දුරකි. කාර්යාල වැනි ස්ථාන වල ඇති
වයිෆයි ජාලවල ප්‍රවේශ ස්ථාන (Access
Points) වැඩි ගණනක් ඇති අවස්ථා වල වැඩි ප්‍රදේශයකට ආවරණය
සැපයීමේ හැකියාව ඇත.
Wi-Fi ලාංඡනය
Wi-Fi (Wireless Fidelity) නාමය Wi-Fi
සන්ධානය (Wi-Fi
alliance) මගින් සහතික කළ උපකරණ වලට යෙදෙන නාමයක් වේ. වයිෆයි
සන්ධානය, උපකරණ වල IEEE 802.11 ප්‍රමිතියට අනුකූල බව තහවුරු කරන ව්‍යාපාරික
සන්ධානයකි. එමගින් සහතික කරන ලද උපකරණවලට වයිෆයි ලාංජනය යෙදිය හැක.
නොරැහැන් වයිෆයි ජාලයක උපකරණ වින්‍යාස (configure) කිරීම
නොරැහැන් වයිෆයි ජාලවල විශේෂාංග ගණනාවක් ඇති අතර
එවන් ජාල වල නිසි ක්‍රියාකාරිත්වය සඳහා උපකරණ නිසි පරිදි වින්‍යාස කළ යුතුය.
SSID
SSID (Service
Set Identifier) මගින් දැක්වෙන්නේ නොරැහැන් වයිෆයි ජාලයක්
හඳුනාගැනීමට භාවිතා වන නාමයයි. එය ඉංග්‍රීසි අකුරු හා ඉලක්කම් ගණනාවකින් යුක්‍ත
විය හැක. SSID හි තිබිය හැකි උපරිම දිග අකුරු හෝ ඉලක්කම් 32 කි.
වයිෆයි උපකරණ වල හා පරිගණක වල එම SSID ස්වයංක්‍රියව හෝ තමන්ට අවශ්‍ය පරිදි යෙදිය හැක.
සම්බන්ධතා ඇති කළ යුතු උපකරණ එකම SSID සහිත ජාලයකට සම්බන්ධ විය යුතුය.
නොරැහැන් ජාලයක ප්‍රවේශ ස්ථාන (access points) මගින් එම ජාලය හඳුනා ගැනීමේ SSID නාමය
සම්ප්‍රේෂණය කරනු ලැබේ. නොරැහැන් ජාලයට සම්බන්ධ වීමට අවශ්‍ය උපකරණ වලට මෙම SSID නාමය
හඳුනා ගැනීමෙන් පසු එම ජාලයට සම්බන්ධ විය හැක.
SSID සම්ප්‍රේෂණය අක්‍රිය කළ හැකි අතර එවන් අවස්ථාවල
ජාලය හඳුනා ගැනීමේ නාමයක් සම්ප්‍රේෂණය නොවේ. එවන් ජාලයකට සම්බන්ධ වීමට අවශ්‍ය නම්
එම ජාලයේ SSID කලින් දැන සිටිය යුතු අතර එම SSID
නාමය උපකරණ වලට ඇතුළු කිරීමෙන් එම ජාලය හා සම්බන්ධ විය
හැක.
වයිෆයි සංකේතනය (encryption)
නොරැහැන් ජාලයක් තුල සන්නිවේදනය වන දත්ත සම්ප්‍රේෂණයේ
අතරමගදී අනවසරයන් ලබා ගැනීම හෝ අපහරනය (hack)
කිරීම වැළැක්වීමට එම දත්ත සම්ප්‍රේෂණයේදී සංකේතනය
කරනු ලැබේ. නොරැහැන් ප්‍රවේශ ස්ථානයකින් (wireless
access point) හෝ උපකරණයකින් දත්ත සම්ප්‍රේෂණයට පෙර එම දත්ත සංකේතනය
කරනු ලබන අතර එසේ සංකේතනය කළ දත්ත වෙනත් වයිෆයි උපකරණයකින් ග්‍රහනය කිරීමෙන්
පසු නැවත විසංකේතනය (decrypt) කරනු
ලැබේ. මේ සඳහා එක් රහස් පදයක් (password) සම්බන්ධතාවයේ අන්ත දෙකේ හෝ වැඩි ගනනක ඇති උපකරණවල
යෙදිය යුතුය. රහස් පදයේ දිග වැඩිවත්ම එය අනුමාන කිරීමෙන් හෝ අපහරනය (hack) කිරීමේ
හැකියාව අඩුවේ. මෙසේ සංකේතනය කර දත්ත සන්නිවේදනය වන ආරක්‍ෂිත වයිෆයි ජාලයකට (secure Wi-Fi network) සම්බන්ධ වීමට එම ජාලයේ දත්ත සංකේතනය කිරීමට යොදා
ගත් රහස් පදය අවශ්‍ය වේ. නොරැහැන් වයිෆයි ජාලයක දත්ත සංකේතනය නොකර සම්ප්‍රේෂනය
වන්නේ නම් එවන් ජාලයක් අනාරක්‍ෂිත (unsecure)
ජාලයකි. එවන් අනාරක්‍ෂිත ජාලයක් සමීපයේ සිටින
අයකුට වයිෆයි උපකරණයක් මගින් එම ජාලයට සම්බන්ධ වීමට රහස් පදයක් අවශ්‍ය නොවේ.
WEP
(Wired Encryption Protocol)
WEP සංකේතන ක්‍රමය මුල පරපුරේ නොරැහැන් වයිෆයි ජාලවල
භාවිතා වුන අතර දැන් එය බහුලව භාවිතා නොවේ.
WPA
(Wi-Fi Protected Access)
WEP ක්‍රමයේ ඇති දුර්වලතා මගහරවා වැඩි ආරක්‍ෂාවක්
සහිතව පසුව WPA හා WPA2 සංකේතන ක්‍රම සැකසුන අතර දැන් වැඩි වශයෙන් මෙම ක්‍රම
භාවිතා වේ. WPA ක්‍රමය භාවිතා කිරීමට සන්නිවේදන ජාලයේ සියළු
උපකරණ WPA ක්‍රමයට වින්‍යස (configure) කළ යුතු අතර
ජාලයේ එක් උපකරණයක් හෝ WEP ක්‍රමය භාවිතා කරන්නේ නම් ජාලයේ සියළු උපකරණ සංකේතීකරණය
සඳහා WEP ක්‍රමයට මාරු වන අතර එහිදී කේතීකරන ආරක්‍ෂාව
අඩුවිය හැක. උපකරණ WPA ක්‍රමයට අනුකූලතාවය දක්වන්නේ නැතිනම් සංකේතීකරනය
භාවිතා නොකර සිටීමට වඩා WEP ක්‍රමය භාවිතා කිරීම ආරක්‍ෂාකාරී වේ. බොහෝ
නොරැහැන වයිෆයි රවුටර් හා උපකරණ WEP හා
WPA ක්‍රම දෙකටම අනුකූලතාවය දක්වයි.
MAC
control access
නොරැහැන්
වයිෆයි උපකරණයක MAC address මගින් නොරැහැන් වයිෆයි ජාලයකට උපකරණ සම්බන්ධ වීම
සීමා කළ හැක. සියළු නොරැහැන් වයිෆයි උපකරණ එයටම අනන්‍ය වූ MAC address නම්
අංකයකින් යුක්ත වේ. එය එම උපකරණය නිපදවීමේ දී එයට අනුයුක්ත කර ඇත. නොරැහැන් වයිෆයි
ජාලවල ආරක්‍ෂාව වැඩි කිරීමට අවශ්‍ය අවස්ථාවල එවන් ජාලයකට යම් නිශ්චිත MAC address වලට
පමණක් සම්බන්ධ වීමට හැකියාව සැළසිය හැක. එවන් ජාලයකට එම නිශ්චිත MAC address වලට
අයත් නොවන උපකරණයක් සම්බන්ධ වීමට (නියමිත රහස් පදය සහිතව වුවද ) තැත් කළද එයට
අවකාශ නොලැබේ.
වයිෆයි
ප්‍රවේශ ස්ථාන (Wi-Fi Access
Points)
නොරැහැන්
වයිෆයි ජාලයක ප්‍රවේශ ස්ථාන ජංගම දුරකථන ජාලයක සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන වලට යම්
සමානාත්මතාවයක් දක්වයි. ජංගම දුරකථන ජාලයක සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන එම ප්‍රදේශයේ ඇති
ජංගම දුරකථන සඳහා සම්බන්ධතාවය සලසන අතර එමගින් ජංගම දුරකථන ජාලය හරහා පොදු දුරකථන
පදධතියට සම්බන්ධතාවය සැලසේ. මේ ආකාරයට වයිෆයි ප්‍රවේශ ස්ථාන තුලින් වයිෆයි උපකරණ
සහිත පරිගණක සන්නිවේදන ජාලයකට සම්බන්ධවිය හැකි අතර ඒ හරහා අන්තර්ජාල සම්බන්ධතාවය ද
ලබා ගත හැක. වයිෆයි ප්‍රවේශ ස්ථානයක් තුලින් වයිෆයි සංඥා සම්ප්‍රේෂණය හා ග්‍රහණය
කිරීම සිදුවේ. වයිෆයි ප්‍රවේශ ස්ථාන
ඊතර්නෙට් (Ethernet) කේබල මගින් පරිගණක සන්නිවේදන ජාලයට සම්බන්ධ වේ. වයිෆයි
ප්‍රවේශ ස්ථානයක් හා ආශ්‍රිත ඇන්ටෙනා සාමාන්‍යයෙන් ගොඩනැගිල්ලක බිත්තියේ ඉහලින් හෝ
සිවිලිමේ ස්ථාපිත කෙරේ. එක් වයිෆයි ප්‍රවේශ ස්ථානයක සංඥා වලින් ආවරණය වන ප්‍රදේශය
සාමාන්‍යයෙන් 30-500m අතර වේ. නොරැහැන් වයිෆයි රවුටර්වල හා එවන්
රවුටර් සහිත ADSL මෝඩම වල වයිෆයි ප්‍රවේශ ස්ථානයක ක්‍රියාකාරිත්වය
ද ඇතුලත් වන පරිදි සකසා ඇත.
වයිෆයි
ප්‍රවේශ ස්ථානයක පිරිසැකසුම් (processing) හැකියාව මත එක් ප්‍රවේශ ස්ථානයකට වරකට සම්බන්ධවිය හැකි ගණන සීමා වේ.
කුඩා පිරිසැකසුම් හැකියාවක් ඇති වයිෆයි ප්‍රවේශ ස්ථානයකට වරකට කිහිප දෙනෙකුට පමණක්
සම්බන්ධ විය හැකි අතර වැඩි පිරිසැකසුම් හැකියාවක් ඇති වයිෆයි ප්‍රවේශ ස්ථානයකට
වරකට 256 දෙනෙක් දක්වා සම්බන්ධ විය හැක. එක් ප්‍රවේශ ස්ථානයකට වරකට සම්බන්ධ විය
හැකි ගණන වැඩිවත්ම මුළු දත්ත සන්නිවේදන හැකියාව හවුලේ බෙදී යන හෙයින් එක් අයකුට
සැපයෙන දත්ත සන්නිවේදන වේගය එම නිසා අඩු විය හැක.
CSMA/CA
CSMA/CA
(Carrier Sense Multiple Access with Collision Avoidance) යනුවෙන් දැක්වෙන්නේ
වයිෆයි රේඩියෝ ජාලයට ප්‍රවේශ වීම පාලනය කරන ක්‍රමවේදයයි. වයිෆයි උපකරණවලට සාමාන්‍යයෙන්
එකම අවස්ථාවක සංඥා සම්ප්‍රේෂණය හා ග්‍රහණය කළ නොහැකි අතර සංඥා අතර සංඝට්ටන (collisions) අනාවරණය කරගත නොහැක. CSMA/CA ක්‍රමවේදය මගින් සංඥා අතර සංඝට්ටන ඇතිවීමට පෙර එය වැළැක්වීමට ක්‍රියා
කෙරේ. වයිෆයි උපකරණයක් සංඥා සම්ප්‍රේෂණය කිරීමට පෙර එම චැනලය ශ්‍රවනය කර චැනලය
නිදහස්ව ඇති බව හා වෙනත් වයිෆයි උපකරණ එම චැනලයේ සම්ප්‍රේෂණය නොකරන බව තහවුරු කර ගනියි. එම චැනලය භාවිතයේ ඇත්නම් යම් අහඹු කාල සීමාවක පමාවකින් පසු නැවතත් එම චැනලය
භාවිතයේ ඇත්ද යන වග විමසීමෙන් පසු භාවිතයේ නොමැති නම් සංඥා සම්ප්‍රේෂණය ආරම්භ
කෙරෙන අතර එම ජාලයේ අනෙකුත් වයිෆයි උපකරණ එම කාලය තුළ සම්ප්‍රේෂණයෙන් වැලකී සිටී.
රැහැන් සහිත ඊතර්නෙට්
(Ethernet LAN) ජාලයක CSMA/CD (Carrier Sense Multiple Access with Collision
Detection) නම් ක්‍රමවේදයක් භාවිතා වන අතර මෙහිදී සංඥා
සංඝට්ටන සිදුවූ පසු එය අනාවරණය වීමෙන් අනතුරුව අහඹු කාල සීමාවකට පසු සංඥා ප්‍රතිසම්ප්‍රේෂණයක්
සිදු කෙරේ.
වයිෆයි
රේඩියෝ තරංග සම්ප්‍රේෂණ තරංග මාලා
2.4GHz
මෙම තරංගමාලාවේ 2.40 -2.495 GHz
රේඩියෝ තරංග පරාසය වයිෆයි සඳහා භාවිතා කෙරේ. සෑම චැනලයක්ම 20MHz පළලකින්
යුක්ත අතර එකිනෙක අතිච්ඡාදනය (overlap) වන චැනල 14ක් 100MHz පරාසය තුල භාවිතා වේ. මෙහි සෑම චැනලයකම මධ්‍ය
සංඛ්‍යත (centre frequency) අතර
5MHz වෙන්වීමක් ඇත.
මෙම සෑම චැනලයක්ම සෑම රටකම භාවිතා නොවේ. චැනල
1-11 ඇමරිකාවේද චැනල 1-13 යුරෝපයේ හා තවත් රටවලද චැනල 1-14 ජපානයේද භාවිතා කෙරේ.
එක් අවස්ථාවක භාවිතා කළ හැකි වැඩිම අතිච්ඡාදනය නොවන (non overlapping) චැනල ගනන 3කි. එය බොහෝ අවස්ථාවල චැනල අංක 1,6 හා
11 වේ.
5GHz
මෙම තරංගමාලාවේ 480MHz පරාසයක 20MHz පළල
අතිච්ඡාදනය නොවන (non overlapping) චැනල 24 ක් වයිෆයි භාවිතය සඳහා ඇත. 5.170-5.835 GHz සංඛ්‍යත පරාසය මෙහිදී භාවිතා කෙරේ. ඇමරිකවේදී 5.15-5.35 GHz හා
5.725-5.825 GHz සංඛ්‍යත
පරාසය භාවිතා වන අතර යම් රටවල භාවිතාවන මෙම සංඛ්‍යාත වල සුළු වෙනස්කම් තිබිය හැක.
වයිෆයි සම්ප්‍රේෂණ බලය
වයිෆයි උපකරණවල සම්ප්‍රේෂණ බලය 4mW-1W දක්වා
භාවිතා කරන රට හා තරංගමාලාව මත වෙනස් වේ.
වයිෆයි සාරාංශය
ප්‍රොටෝකෝලයProtocol |
රේඩියෝ තරංග සංඛ්‍යාත පරාසය |
උපරිම දත්ත සන්නිවේදන වෙගය |
දළ දත්ත සන්නිවේදන වෙගය |
රේඩියෝ තරංග මූරජන තාක්‍ෂණය |
ගෘහස්ත පරාසය (දළ වශයෙන්) |
එළිමහන් පරාසය (දළ වශයෙන්) |
802.11a |
5 GHz |
54 Mbps |
25 Mbps |
OFDM |
~ 35m |
~ 120m |
802.11b |
2.4 GHz |
11 Mbps |
5 Mbps |
DSSS |
~ 40m |
~ 140m |
802.11g |
2.4 GHz |
54 Mbps |
19 Mbps |
OFDM |
~ 40m |
~ 140m |
802.11n |
2.4 GHz 5 GHz |
300-600 Mbps |
74 Mbps |
DFSS or OFDM |
~ 70m |
~250m |
ජංගම දුරකථන හා වයිෆයි
බොහෝ නවීන ජංගම දුරකථනවල වයිෆයි පහසුකම ඇති අතර
එමගින් වයිෆයි ජාලයකට සම්බන්ධවී එම සම්බන්ධතාව හරහා අන්තර්ජාලය සැරිසැරීමට හෝ VoIP තාක්‍ෂණය
භාවිතයෙන් ඇමතුම් ලබා ගැනීමටත් අවකාශ ඇත.
Wi-Fi Direct
Wi-Fi Direct යනුවෙන් දැක්වෙන්නේ
මෑතදී හඳුන්වාදුන් නව වයිෆයි ප්‍රමිතියකි. එමගින් වයිෆයි සහිත උපකරණවලට එකිනෙක හා
සෘජුවම (වයිෆයි ජාලකට සම්බන්ධ නොවී) සන්නිවේදන සම්බන්ධතාවය ඇති කරගත හැක. මෙසේ
සම්බන්ධවීමේදී නොරැහැන් රවුටරයක් හෝ නොරැහැන් ප්‍රවේශ ස්ථානයක් (Access Point) හරහා සම්බන්ධ
වීම අවශ්‍ය නොවේ. වයිෆයි පහසුකම සහිත ඕනෑම උපකරණයකට, ජංගම දුරකථන, කැමරා මුද්‍රණ
යන්ත්‍ර, පරිගණක ආදියට මෙසේ එකිනෙක අතර සම්බන්ධ විය හැක. Wi-Fi
Direct ප්‍රමිතිය හඳුන්වාදීමට පෙර නිපදවූ වයිෆයි සහිත උපකරණවලට හා Wi-Fi
Direct පහසුකම නොමැති උපකරණවලට මෘදුකාංග සරිමාවකින් (software patch) එම
පහසුකම ලබාගත හැක.
802.11ac
802.11 වයිෆයි
ප්‍රමිති මාලාවේ නවතම ප්‍රමිතිය වන 802.11ac ප්‍රමිතිය VHT (Very High Throughput) යනුවෙන්ද හැඳින්වේ. මෙමගින් 802.11n ප්‍රමිතියේ උපකරණවලටත් වඩා වැඩි වේගයෙන් දත්ත සන්නිවේදනය කළ හැක අතර ඒ සඳහා
5GHz තරංග
මාලාව භාවිතා කෙරේ. 802.11ac ප්‍රමිතිය,
802.11 ප්‍රමිති මාලාවේ අනෙක් ප්‍රමිති සමග අනුකූලතාවය (backward compatible) දක්වයි. මෙම ප්‍රමිතියේදී 80MHz පළල තරංග කලාපයක් භවිතා කෙරෙන අතර එය 160MHz දක්වා ව්‍යාප්ත කිරීමට හැකියාව ඇත. 80MHz පළල තරංග කලාපයක් භාවිතයේදී 500Mbps දක්වා දත්ත සන්නිවේදන වේග මෙහිදී ලබාගත හැක. මෙහි අධිවේගී දත්ත සන්නිවේදන
සම්බන්ධතා මගින් විශාල ප්‍රමාණයේ දත්ත හුවමාරව, නිවෙස් තුළ HDTV සහිත වීඩියෝ සන්නිවේදනය ආදියට වඩාත් යෝග්‍ය වේ. ඉදිරි වසර කිහිපය තුළ
802.11ac ප්‍රමිතිය සහිත උපකරණවල ව්‍යාප්තිය වැඩිවනු ඇත.
No comments:
Post a Comment