සෙලියුලර් ජංගම
දුරකථන තාක්‍ෂණය මුලින් තිබූ ඇනලොග් ජංගම දුරකථන වල සිට පරිණාමය හා වර්ධනය වී
ඩිජිටල් තාක්‍ෂණය භාවිතා කරන නවතම අති දියුණු ජංගම දුරකථන තාක්‍ෂණ තෙක් පැමිණ ඇත.
මෙම පරිණාමය එක් එක් පරපුරට අයත් තාක්‍ෂණ ලෙස පලමු පරපුරේ සිට හතර වන පරපුර දක්වා
වර්ග කෙරේ.
1 වන පරපුර (1G – 1st Generation)
1 වන පරපුරේ දුරකථන
ජාල වල කටහඬ සහිත ශබ්දය ඇනලොග් සංඥා ආකාරයට සම්ප්‍රේෂණය කෙරුනු අතර වර්ග කිහිපයක
දුරකථන ජාල මෙම පරපුරට අයත් විය.
TACS – Total Access Communication Services
TACS හා E-TACS
(Extended TACS) වර්ගයේ දුරකථන ජාල බොහෝ යුරෝපීය හා ආසියානු රටවල ස්ථාපිත කෙරුනි. ශ්‍රී ලංකාවේද මුලදී සෙල්ටෙල් (ටීගෝ, එටිසැලට්
වශයෙන් පසුව හැඳින්වුනි), කෝල්ලින්ක් (පසුව හච් නමින් හැඳන්වේ) සමාගම් මෙම වර්ගයේ
දුරකථන ජාල ස්ථාපනය කළහ.
AMPS – Advanced Mobile Phone Systems
වැඩි වශයෙන් ඇමරිකාව,
දකුණු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වැනි ප්‍රදේශ වල මෙම වර්ගයේ ජංගම දුරකථන ජාල ක්‍රියාත්මක
විය. ශ්‍රී ලංකාවේ මොබිටෙල් සමාගමද මුලින් මෙම වර්ගයේ දුරකථන ජාලයක් ස්ථාපනය කර ක්‍රියාත්මක
කරවීය.
ඇනලොග් වර්ගයේ
දුරකථන ජාල වල එක් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයකින් සංඥා ආවරණය කරන භූමි ප්‍රදේශය දළ
වශයෙන් ඩිජිටල් ජංගම දුරකථන සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයකින් ආවරණය වන ප්‍රදේශයකට වඩා
වැඩිවේ. නමුත් එක වර ලබා ගත හැකි දුර ඇමතුම් ගණන සීමා විය. (ඩිජිටල් ජංගම දුරකථන
ජාල වල TDMA තාක්‍ෂණය යොදා එක වර වැඩි දුරඇමතුම් ගණනක්
ලබා ගත හැක). 800MHz හා 900MHz රේඩියෝ තරංග මාලා AMPS වර්ගයේ ජංගම දුරකථන
ජාල සඳහා භාවිතා වුනි.
2 වන පරපුර (2G – 2nd Generation)
දෙවන පරපුරේ ජංගම
දුරකථන ජාලවල කථන සංඥා (voice) ඩිජිටල් ආකාරයට
සම්ප්‍රේෂණය කෙරේ. SMS වැනි වර්ධිත සේවා දෙවන පරපුරේ ජංගම දුරකථන ජාල වල
දී මුලින්ම හඳුන්වා දෙනු ලැබීය. දෙවන පරපුරේ ජංගම දුරකථන ජාල භාවිතා කරන බහුපථ (multiplexing) තාක්‍ෂණය අනුව CDMA හා TDMA වශයෙන් වර්ග
දෙකකි.
GSM – GSM ජංගම දුරකථන ජාල TDMA තාක්‍ෂණය භාවිතා
කරන මුලින් යුරෝපයේ භාවිතය සඳහා නිර්මාණය වුන ජංගම දුරකථන පද්ධතියකි. මෙහි ජනප්‍රිය
භාවය නිසා එය ලොව පුරා ව්‍යාප්ත වූ අතර දැනට ලොව පුරා GSM දුරකථන ජාල දහසකට වඩා වැඩි ගණනක් ක්‍රියාත්මක වේ. දැනට ලොව වැඩිම ග්‍රාහකයන් ගණනක් භාවිතා කරන ජංගම
දුරකථන තාක්‍ෂණය GSM තාක්‍ෂණයයි.
GSM දුරකථන ආසියානු හා යුරෝපීය රටවල 900MHz හා 1800MHz
රේඩියෝ තරංග මාලාවල
ක්‍රියාත්මක කෙරේ. ඇමරිකානු මහද්වීපයේ රටවල GSM
ජංගම දුරකථන ජාල 850MHz හා 1900MHz
තරංගමාල භාවිතා
කරයි. ඩයලොග්, හච්, මොබිටෙල්, එටිසැලට් හා එයාටෙල් සමාගම් ශ්‍රී ලංකාවේ GSM ජංගම දුරකථන ජාල ස්ථාපිත කර ඇත.
IS-136 (D-AMPS – Digital AMPS) - මුලින් තිබූ AMPS
තාක්‍ෂණය ඩිජිටල් හා
TDMA තාක්‍ෂණය භාවිතයෙන් වර්ධනය කර D-AMPS තාක්‍ෂණය නිර්මාණය වුනි. ඇමරිකාව හා රටවල් ගණනාවක
මෙම වර්ගයේ දුරකථන ජාල ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකාවේද මොබිටෙල් සමාගම මුලින් තිබූ
AMPS ජංගම දුරකථන ජාලය වර්ධනය කර D-AMPS දුරකථන ජාලයක් ස්ථාපනය කර ක්‍රියාත්මක කරවීය.
IS-95 (CDMAOne) - මෙය CDMA තාක්‍ෂණය භාවිතා
කරන ජංගම දුරකථන තාක්‍ෂණයකි. ඇමරිකාවේ හා ආසියාවේ රටවල් කිහිපයක මෙම වර්ගයේ ජංගම
දුරකථන ජාල ක්‍රියාත්මක වේ.
PDC - මෙය TDMA තාක්‍ෂණය භාවිතා කරන දෙවන පරපුරේ තාක්‍ෂණයක් වන
අතර ජපානයේ පමණක් ක්‍රියාත්මක කෙරේ.
2.5G
2G තාක්‍ෂණයේ තිබූ සීමිත දත්ත සන්නිවේදන
පහසුකම් 2.5G ජංගම දුරකථන ජාල වලදී පැකට් ස්විචින්ග්
තාක්‍ෂණය භාවිතා කර වැඩි දියුණු කර ඇත. GPRS
පහසුකම සහිත GSM දුරකථන ජාල හා CDMA 2001X වර්ගයේ දුරකථන ජාල 2.5G තාක්‍ෂණ වශයෙන් වර්ග
කෙරේ.
2.75G
EDGE තාක්‍ෂණය සහිත GSM දුරකථන ජාල
2.75G තාක්‍ෂණ වශයෙන්
වර්ග කෙරේ.
3 වන පරපුර (3G
– 3rd
Generation)
3 වන පරපුරේ ජංගම
දුරකථන තක්‍ෂණ ගණනාවක් ඇත.
3G UMTS
3G UMTS (3rd Generation Universal Mobile Telephone System) යනුවෙන් හැඳින්වෙන 3 වන පරපුරේ ජංගම දුරකථන තාක්‍ෂණය රේඩියෝ තරංග සම්ප්‍රේෂණයේදී W-CDMA (Wideband Code Division Multiple Access) තාක්‍ෂණය භාවිතා කෙරේ. ශ්‍රී ලංකාවේ සියළු ජංගම දුරකථන සමාගම් GSM තාක්‍ෂණයට අමතරව, 3G තාක්‍ෂණය සහිත ජංගම දුරකථන ජාල ද ක්‍රියාත්මක කරයි.
3G UMTS (3rd Generation Universal Mobile Telephone System) යනුවෙන් හැඳින්වෙන 3 වන පරපුරේ ජංගම දුරකථන තාක්‍ෂණය රේඩියෝ තරංග සම්ප්‍රේෂණයේදී W-CDMA (Wideband Code Division Multiple Access) තාක්‍ෂණය භාවිතා කෙරේ. ශ්‍රී ලංකාවේ සියළු ජංගම දුරකථන සමාගම් GSM තාක්‍ෂණයට අමතරව, 3G තාක්‍ෂණය සහිත ජංගම දුරකථන ජාල ද ක්‍රියාත්මක කරයි.
CDMA2000 1X EV-DO හා CDMA2000 1X EV-DV
මෙම තාක්‍ෂණ 2G CDMA තාක්‍ෂණ ප්‍රමිතිය වන IS-95 වැඩි දියුණු කිරීමෙන් නිර්මාණය කර ඇත. ඇමරිකාව, කොරියාව
හා ජපානය ප්‍රමුඛ රටවල් ගණනාවක මෙම තාක්‍ෂණය සහිත ජංගම දුරකථන ජාල ක්‍රියාත්මක වේ.
WiMax
WiMax තාක්‍ෂණය 3G තාක්‍ෂණය ලෙස වර්ග
කෙරුනත් එහි නිර්මාණකරුවන් ප්‍රචාරක කටයුතු වලදී එය 4G තක්‍ෂණයක් ලෙස හඳුන්වයි. ජංගම උපාංග වල මෙම තාක්‍ෂණය
භාවිතා කළ හැකි වුවත් ලොව බොහෝ ප්‍රදේශ වල ස්ථාපිත දත්ත සන්නිවේදන සේවා සැපයීමට
මෙම තාක්‍ෂණය යෙදවේ.
TD-SCDMA
මෙම තාක්‍ෂණය චීනයේ නිරමාණය වූ එම රටේ පමණක් භාවිතා වන 3G තාක්‍ෂණයකි.
මෙම තාක්‍ෂණය චීනයේ නිරමාණය වූ එම රටේ පමණක් භාවිතා වන 3G තාක්‍ෂණයකි.
3.5G
3G UMTS දුරකථන ජාල HSDPA(High Speed Downlink Packet Access) වර්ධිත සේවා සමග
වැඩි වේගයෙන් දත්ත සන්නිවේන පහසුකම් ලබාදිය හැකි ජංගම දුරකථන ජාල 3.5G තාක්‍ෂණ වශයෙන් වර්ග කෙරේ.
3.75G
HSUPA (High Speed Uplink Packet Access) වර්ධිත සේවා සහිත 3G ජංගම දුරකථන ජාල 3.75G තාක්‍ෂණ වශයෙන්
වර්ග කෙරේ.
4 වන පරපුර (4G – 4th Generation)
LTE (Long Term Evolution) ජංගම දුරකථන ජාල 3.9G හෝ 3..99G වශයෙන් වර්ග
කෙරුනත් බොහෝ LTE ජංගම දුරකථන ජාල ස්ථාපනය කළ සමාගම් වෙළඳ
ප්‍රචාරක කටයුතු වලදී මෙය 4G තාක්‍ෂණයක් වශයෙන්
හඳුන්වති.
LTE-A (LTE Advanced) තාක්‍ෂණය සත්‍ය
වශයෙන්ම 4G පරපුරේ තාක්‍ෂණික අවශ්‍යතා සම්පූර්ණ කරනු
ඇති බවට බලාපොරොත්තු වේ.
- කුසල් ඈපා
No comments:
Post a Comment