ජංගම දුරකථන ජාල මගින්
දුර ඇමතුම් වලට අමතරව දත්ත සන්නිවේදන සේවා ද සැපයීමේ පහසුකම ඇත. කෙටි පණිවිඩ (SMS), බහු මාධ්‍ය පණිවිඩ
සේවා (MMS –
Multimedia Messaging Service), GPRS, EDGE, HSPA මගින්
අන්තර්ජාල පහසුකම් ලබාගැනීම ආදිය මෙසේ ලබාගත හැකි දත්ත සන්නිවේදන සේවා අතර වේ. මෙම
පහසුකම් ජංගම දුරකථනය තුලින් හෝ ජංගම දුරකථනය මෝඩමයක් ලෙස භාවිතා කර පරිගණකයක්
තුලින් ලබාගත හැක. මෙයට අමතරව ජංගම දුරකථනයක් භාවිතයෙන් තොරව HSDPA USB මෝඩමයක්
(ඩොන්ගලයක් වශයෙන්ද
හැඳින්වේ) පරිගණකයකට
සම්බන්ධ කිරීමෙන් ද මෙම සේවා ලබාගත හැක.
SMS - කෙටි
පණිවිඩ සේවා
SMS (Short
Message Service) යනුවෙන් හැඳින්වෙන්නේ ජංගම දුරකථන සේවාවල ක්‍රියාත්මක වන කෙටි පණිවිඩ
සේවාවයි. මෙමගින් ජංගම දුරකථන අතර කෙටි පණිවිඩ හුවමාරු කරගත හැක. SMS පහසුකම,
ජංගම දුරකථන වලට අමතරව චන්ද්‍රිකා දුරකථන හා සමහර රැහැන් රහිත ස්ථාපිත CDMA දුරකථන වලන්ද ලබාගත
හැක. දුරකථනයේ ඇති තිරය මත දුරකථන යතුරු පුවරුව මගින් ටයිප් කරන පණිවිඩ තවත් SMS පහසුකම
සහිත දුරකථනයකට මෙමගින් යැවිය හැක.
SMS පණිවිඩයක් සාමාන්‍යයෙන්
අකුරු 160 කට සීමාවේ. නමුත්
බොහෝ දුරකථන මගින් අකුරු 160 ට වඩා දිග පණිවිඩ
කොටස් කිහිපයකට කඩා යැවීමේ හැකියාව ඇති අතර එම පණිවිඩය ලැබෙන දුරකථනය මගින්, වෙන්
කර යැවූ කොටස් එක් කර තනි පණිවිඩයක් වශයෙන් ලබා දේ.
SMS සේවාවල
විශේෂ වාසි කිහිපයක් ඇත. SMS පණිවිඩ අවට අයට බාධා
නොවන පරිදි හුවමාරු කරගත හැකි අතර ශ්‍රව්‍යබාධිත අයටද පහසුවෙන් භාවිතා කළ හැක. එක්
පණිවිඩයක් එක් අයකුට හෝ වැඩි ගණනකට යැවිය හැකි අතර විදේශ රටවල ජංගම දුරකථන වලටද
ලාභදායක ලෙස පණිවිඩ යැවිය හැක.
SMS පණිවිඩයක්
යැවීමේදී එය ලැබෙන දුරකථනය ක්‍රියාවිරහිත කර (switched off) හෝ
දුරකථන සංඥා නොමැති ප්‍රදේශයක ඇත්නම් දුරකථන ජාලය මගින් එම පණිවිඩය රඳවා තබා ගෙන
දුරකථනය ක්‍රියාත්මක තත්වයට පත් වූ විට එම පණිවිඩය ලබා දේ. SMS පණිවිඩයක්
යැවූ පසු එය ලැබුන බව හා ලැබුන වේලාව පණිවිඩය යවන්නාට දැනගැනීමේ හැකියාවද ඇත. මේ
සඳහා දුරකථනයේ ඇති එම පහසුකම (SMS delivery confirmation) ක්‍රියාත්මක කළ යුතුවේ.
දුරකථනයකට ලැබෙන SMS පණිවිඩ
දුරකථනය තුල හෝ දුරකථනයේ SIM කාඩ්
එක තුල එම පණිවිඩ මකා දමන තුරු රඳවා තැබේ. SMS පණිවිඩ ඉංග්‍රීසි අකුරු වලට
අමතරව වෙනත් අකුරු සහිත භාෂාවලින් යැවීමේ හැකියාවද ඇත.
MMS - ජංගම බහු මාධ්‍ය සේවා
MMS (Mobile
Multimedia Services) යනුවෙන් දැක්වෙන්නේ ජංගම දුරකථන ජාලයක් තුළ රූප,
ශබ්ද හෝ වීඩියෝ අඩංගු පණිවිඩ යැවීමේ පහසුකමයි. MMS පහසුකම සහිත ජංගම දුරකථන මෙවන්
පණිවිඩ යැවීමට අවශ්‍ය වේ. කැමරා පහසුකම සහිත ජංගම දුරකථනයකින් ලබා ගත් රූප හෝ
වීඩියෝ ක්ලිප් සෘජුවම එම දුරකථනයෙන් MMS ආකාරයට
තවත් දුරකථනයකට යැවිය හැක.
සර්කිට්
ස්විචින්ග් හා පැකට් ස්විචින්ග් (Circuit switching and
packet switching)
ජංගම
දුරකථන ජාලවල දත්ත සම්ප්‍රේෂණ සේවා ගැන අවබෝධයක් ලබා ගැනීමට සර්කිට් ස්විචින්ග් හා
පැකට් ස්විචින්ග් යනුවෙන් හැඳින්වෙන දත්ත ප්‍රවාහන ක්‍රම ගැන අවබෝධයක් ලබා ගැනීම
උපකාරී වේ.
සර්කිට්
ස්විචින්ග් ක්‍රමයේදී දුර ඇමතුමක මුළු කාලය තුලම ජංගම දුරකථන ජාලය හරහා දුරකථන දෙක
අතර නොකඩවා සම්බන්ධතාවය පවත්වා ගැනේ. රැහැන් සහිත හා ජංගම දුරකථන වල සාමාන්‍ය දුර
ඇමතුම් මෙම වර්ගයට අයත්වේ. මෙහිදී සාමාන්‍යයෙන් දුරඇමතුම සම්බන්ධවී සිටින කාලය මත ගාස්තු
අය කිරීම සිදු කෙරේ.
පැකට්
ස්විචින්ග් ක්‍රමයේදී ඩිජිටල් ක්‍රමයට ඇති දත්ත කුඩා පැකට් හෙවත් කාණ්ඩ වශයෙන්
වෙන් කර ප්‍රවාහනය කෙරේ. මෙසේ දත්ත පැකට් ප්‍රවාහනය කරන කුඩා කාල මාත්‍රාවන් තුල
පමණක් දුරකථන සම්බන්ධතාවය සක්‍රීය තත්වයේ පවතී. දත්ත පැකට් ප්‍රවාහනයට නොමැති
අවස්ථාවල සම්බන්ධතාවය අක්‍රීය තත්වයේ පවතී. GPRS, EDGE, HSDPA වැනි
ක්‍රමවලින් දත්ත ප්‍රවාහනයේදී මෙම පැකට් ස්විචින්ග් ක්‍රමය භාවිතා කෙරේ. මෙම ක්‍රමයේදී
අය කිරීම කරනු ලබන්නේ සම්බන්ධතාවය පවත්වාගන්නා කාලය මත නොව ප්‍රවාහනය කරන දත්ත
පරිමාව මතය. ප්‍රවාහනය කළ දත්ත කිලොබයිට් (kB) හෝ මෙගාබයිට් (MB)
ප්‍රමාණය මත ඒ සඳහා අය කිරීම කරනු ලැබේ. පැකට්
ස්විචින්ග් ක්‍රමයේදී ජංගම දුරකථනයකින් දුරකථන ජාලය සමග සෑමවිටම සම්බන්ධතාව
පවත්වාගන්නා අතර (always
on connection) දත්ත සම්ප්‍රේෂණය වන අවස්ථාවලදී සම්බන්ධතාවය සක්‍රීය
තත්වයෙන්ද අනෙකුත් අවස්ථාවලදී සම්බන්ධතාවය අක්‍රීය තත්වයෙන්ද පවතී.
ජංගම
දුරකථන දත්ත සම්ප්‍රේෂණ සේවා මගින් අන්තර්ජාල පහසුකම් ලබාගැනීම, ජංගම දුරකථනය
තුලින්ම හෝ ජංගම දුරකථනය සම්බන්ධ කළ පරිගණකයක් මගින් කළ හැක. ජංගම දුරකථනය
පරිගණකයක් හා සම්බන්ධකිරීම, USB කේබලයක්
මගින් හෝ බ්ලූටූත් මගින් කළ හැක.
මෙයට
අමතරව මෙම ජංගම දුරකථන ජාලවල දත්ත සේවා පහසුකම් භාවිතාකර අන්තර්ජාල පහසුකම් ජංගම
දුරකථනයක භාවිතයෙන් තොරවද පරිගණකයකට ලබාගත හැක. ඒ සඳහා USB මෝඩමයක්
(මෙය ඩොන්ගල් යනුවෙන්ද හැඳින්වේ)
පරිගණකයකට සම්බන්ධ කිරීමෙන් මෙම දත්ත සන්නිවේදන සම්බන්ධතාව ලබාගත හැක. සමහර නවීන
ලැප්ටොප් වරගයේ පරිගණකවල මෙම දත්ත සේවා සම්බන්ධකම් ලබාගැනීමට ඇතුලතින්ම සැකසූ (built in) පහසුකම්
ඇත.
ඉහත
සඳහන් ජංගම දුරකථන ජාල ආශ්‍රිත දත්ත සන්නිවේදන සේවා පහසුකම් ලබාගැනීමට ඒ සඳහා
ගෙවීමක් කර ග්‍රාහක දායකත්වය ලබාගෙන තිබිය යුතුය.
GPRS/EDGE/HSDPA සේවා
ලබාගැනීමට අවශ්‍යතා කිහිපයක් සම්පූර්ණ විය යුතුය. ජංගම දුරකථනය හෝ භාවිතා කරන
උපාංගය සහ ජංගම දුරකථන ජාලය මෙම පහසුකම් වලින් සමන්විත විය යුතුය. සම්බන්ධවන ජංගම
දුරකථන කුළුන ආශ්‍රිත සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය ද මෙම පහසුකම් වලින් සමන්විත විය යුතුය.
ජංගම දුරකථන ජාලයක, සියළු ප්‍රදේශවල සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන, සමහර අවස්ථාවල, මෙම
පහසුකම් ලබාදීමේ හැකියාවෙන් තොර විය හැක. GPRS හා EDGE පහසුකම් GSM ජංගම දුරකථන ජාලයකද, HSDPA පහසුකම 3G දුරකථන
ජාලයකද ඇති දත්ත සන්නිවේදන සේවාවන්ය.
අනුවර්තී
මූර්ජනය (Adaptive Modulation)
අනුවර්තී
මූරජන තාක්‍ෂණය ජංගම දුරකථන ජාලවල දත්ත සේවා සම්ප්‍රේෂණය සඳහා බොහෝ අවස්ථාවල
භාවිතා වේ. මෙහිදී දත්ත සම්ප්‍රේෂණය සඳහා භාවිතා වන රේඩියෝ තරංග මූර්ජන ක්‍රමය,
පවතින සම්බන්ධතාවයේ තත්වය මත වෙනස් කෙරේ. ප්‍රබල සංඥා සහිතව හොඳ සම්බන්ධතාවයක්
පවතින අවස්ථාවල, වැඩි වේගයකින් දත්ත සම්ප්‍රේෂණය කළ හැකි මූර්ජන ක්‍රමයක් භාවිතා
කෙරේ. තම දුරකථනය අයත් ජංගම දුරකථන ජාලයක සම්ප්‍රේෂණ කුළුනක් අසළ සිටින විට වැඩි
දත්ත සන්නිවේදන වේගයකුත්, කුළුනකින් ඈත්වත්ම අඩු දත්ත සන්නිවේදන වේගයක් ලැබීමට
හේතුව, සංඥාවල ප්‍රබලතාව හීනවත්ම ප්‍රබලතාව අඩු සංඥා සඳහා වඩා සුදුසු නමුත් අඩු දත්ත
සන්නිවේදන වේග ලබාදෙන රේඩියෝ තරංග මූර්ජන ක්‍රමවලට මාරුවීමය. දුරකථන ජාලයේ එක්
අවස්ථාවක හුවමාරුවන ඇමතුම් හ දත්ත සම්බන්ධතා ගණන වැඩිවත්ම දත්ත සන්නිවේදන වේගයන්
අඩු විය හැක.
GPRS
GPRS (General Packet Radio Service) යනුවෙන්
දැක්වෙන්නේ GSM වැනි දෙවන පරපුරේ (2G) ජංගම දුරකථන ජාලවල ඇති
දත්ත සන්නිවේදන තාක්‍ෂණයකි. එය 3G ජංගම
දුරකථන ජාලවල ද ලබාගත හැක. GPRS මගින් දත්ත කුඩා කාණ්ඩ
(පැකට්) වශයෙන් හුවමාරු කෙරෙන අතර සම්ප්‍රේෂණයේ දුර ඇමතුම් සඳහා භාවිතා නොවන හිස්
කාල විවර (time slots) මේ සඳහා භාවිතා වේ.
GPRS මගින්
සන්නිවේදනය වන දත්ත ප්‍රවාහන වේගය, භාවිතා වන දුරකථනයේ වර්ගය, සිටින ප්‍රදේශයේ GPRS පහසුකම
සහිත දුරකථන සංඥා ආවරණය හා එම ප්‍රදේශයේ දුරකථන ජාලය තුල හුවමාරු වන ඇමතුම් හා
දත්ත ප්‍රමාණය (data
traffic) මත රඳා
පවතී. න්‍යායික වශයෙන් 115kbps දක්වා දත්ත සන්නිවේදන වේගයක් GPRS මගින්
ලබාදිය හැකි වුවත් සාමාන්‍ය භාවිතයේ දී ලබාගත හැකි දළ වේගය 20-40kbps අතර
වේ.
GPRS පහසුකම
සහිත ජංගම දුරකථන කාණ්ඩ තුනකින් යුක්ත වේ.
A කාණ්ඩය (Class A) - එකම අවස්ථාවේ GPRS සේවාව හා GSM දුරඇමතුම්
සේවා ක්‍රියාත්මක කළ හැක.
B කාණ්ඩය (Class B) - එක අවස්ථාවක දී GPRS හෝ GSM දුරඇමතුම් සේවාවලින්
එකක් පමණක් ක්‍රියාත්මක කළ හැක. GPRS සම්බන්ධතාවයක්
ඇති විටක දී දුරඇමතුමක් ලැබීමේ දී හෝ ලබාගැනීමේ දී GPRS සම්බන්ධතාවය තාවකාලිකව
අත්හිටුවා දුරඇමතුම අවසානයේ දී GPRS සම්බන්ධතාවය
නැවත ක්‍රියාත්මක වේ.
C කාණ්ඩය (Class C) - එක අවස්ථාවක දී GSM හෝ
GPRS සේවා වලින් එකක් පමණක්
ක්‍රියාත්මක කළ හැකි අතර එම සේවා ස්වයංක්‍රියව මාරු නොවන අතර විශේෂයෙන් මාරු කළ
යුතු වේ.
EDGE
EDGE (Enhanced Data rates for GSM Evolution) යනුවෙන්
දැක්වෙන්නේ GSM ජංගම දුරකථන ජාලවල දත්ත
සන්නිවේදනය සඳහා සැකසූ ක්‍රමෝපායකි. එය GPRS ක්‍රමයට වඩා දියුණු වන අතර
වැඩිදියුණු කළ රේඩියෝ තරංග මූර්ජන (modulation) හා කේතීකරන (coding) ක්‍රම මෙහි දී භාවිතා වේ. EDGE ක්‍රමය
භාවිතයෙන් GPRS ක්‍රමයට
වඩා තුන් ගුණයක පමණ දත්ත ප්‍රවාහන වේගයක් ලබා ගත හැක. EDGE ක්‍රමයේ
දී GMSK
මූර්ජනය සමග 8-PSK (8-Phase Shift Keying) ක්‍රමය භාවිතා වේ. EDGE ක්‍රමයේ
දී දුරකථන රේඩියෝ චැනලයක කාල විවර (time slots) අටම භාවිතා කරන්නේ නම් 384kbps දක්වා දත්ත සන්නිවේදන වේගයක් ලබා ගත හැක.
HSPA
HSPA (High Speed Packet Access) යන
වදන HSDPA (High Speed Downlink Packet Access) හා
HSUPA (High Speed Uplink Packet Access) ක්‍රම දෙකම පොදු වශයෙන්
දැක්වීමට යොදා ගැනේ. HSDPA ක්‍රමයේ
යටි සම්බන්ධතාවය (downlink)
සඳහා
පමණක් වැඩි දත්ත ප්‍රවාහන වේගයක් ලබාගත හැකි අතර, HSUPA ක්‍රමයේ දී උඩු සම්බන්ධතාවය (uplink) සඳහා
ද වැඩි දත්ත ප්‍රවාහන වේගයක් ලබා ගත හැක. HSPA දත්ත සන්නිවේදනයේ දී අනුවර්තී
මූර්ජන හා කේතීකරන ක්‍රම වැඩි දත්ත ප්‍රවාහන වේගයක් ලබාගැනීමට භාවිතා කෙරේ.
HSPA, 3G ජංගම
දුරකථන ජාල වල ඇති පහසුකමක් වන අතර එමගින් දත්ත ප්‍රවාහනයට HSPA පහසුකම සහිත 3G ජංගම
දුරකථනයක් අවශ්‍ය වේ. 3G පහසුකම
සහිත දුරකථනයක් සමග 3G SIM කාඩ්
පතකින් 3G දුරකථන
සම්බන්ධතාව ලබා සිටීම, 3G සංඥා
ආවරණය වන ප්‍රදේශයක සිටීම හා සම්බන්ධ වන ජංගම දුරකථන සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය ආශ්‍රිත
කුළුන, HSDPA හෝ HSUPA
පහසුකම් වලින් සමන්විත වීම HSPA සේවා
භාවිතයට අවශ්‍ය වේ.
HSDPA
HSDPA සේවා
සඳහා QPSK හා 16QAM යන මූර්ජන ක්‍රම භාවිතා
කෙරේ. න්‍යායික වශයෙන් 14.4 Mbps දක්වා දත්ත සන්නිවේදන ප්‍රවාහන වේගයක් යටි
සම්බන්ධතාවය (downlink)
සඳහා
මෙමගින් ලබාගත හැකි වුවත් සාමාන්‍ය භාවිතයේදී ලබාගත හැකි උපරිම වේගය 2-3 Mbps පමණ
වේ. සාමාන්‍යයෙන් HSDPA සේවා, දුරඇමතුමක යෙදී සිටින
අවස්ථාවක වුවද ලබාගත හැක.
HSUPA
HSUPA මගින් HSDPA වලදී
ලබාගත් වේගයට වඩා වැඩි දත්ත ප්‍රවාහන වේගයක් උඩු සම්බන්ධතාවයට (uplink) ලබාගත
හැකි වන අතර ලබාගත හැකි උපරිම වේගය (උඩු සම්බන්ධතාව සඳහා) 5.76Mbps වේ.
HSPA+
HSPA+ යනුවෙන්
හැඳින්වෙන නවතම ප්‍රවේශය (release) මගින් 42Mbps දක්වා උපරිම යටි සම්බන්ධතා (downlink) වේගයක්
හා 11Mbps උඩු සම්බන්ධතා (uplink) වේගයක් ලබාගත
හැක. මෙය HSPA
evolved වශයෙන්
ද හැඳින්වේ. යටි සම්බන්ධතාවයේ දී 64QAM හා උඩු සම්බන්ධතාවයේ දී 16QAM යන
මූර්ජන ක්‍රම භාවිතා වේ.
LTE
LTE (Long Term
Evolution) යනු
3G UMTS පද්ධති තාක්‍ෂණය වැඩි
දියුණු කිරීමෙන් නිර්මාණය කළ ජංගම දුරකථන ජාල පද්ධතිය හැඳන්වීමට යෙදෙන වදනකි. මෙමගින්
අනාගතයේ 100Mbps හෝ
ඊට වැඩි දත්ත සන්නිවේදන ප්‍රවාහන වේගයක් ලබාගැනීමට හැකි වෙතැයි අපේක්‍ෂා කෙරේ. මෙම
වේගයන් දුරකථන ජාලයේ භාවිතා වන තරංග සංඛ්‍යාතය (frequency),
තරංග පළල (bandwidth)
හා තවත් කරුණු මත රඳා පවතී.
LTE Advanced
LTE Advanced යනු 4G හෙවත් 4 වන පරපුරේ ජංගම දුරකථන
ජාලවල අවශ්‍යතා සම්පූර්ණ කෙරෙතැයි බලාපොරොත්තු වන ජංගම දුරකථන පද්ධතියකි. මෙමගින් 1Gbps දක්වා
දත්ත සන්නිවේදන ප්‍රවාහන වේගයක් ලබාගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තු වේ.
ජංගම
දුරකථන ආශ්‍රිත දත්ත සේවා සාරාංශය
තාක්‍ෂණය
|
රේඩියෝ තරංග මූර්ජන ත්‍රමය
|
තාක්‍ෂණය පිළිබඳ
විස්තරය
|
උපරිම දත්ත සන්නිවේදන
වේගය
|
සාමාන්‍ය දත්ත
සන්නිවේදන වේගය - යටි සම්බන්ධතාව
|
සාමාන්‍ය දත්ත
සන්නිවේදන වේගය - උඩු සම්බන්ධතාව
|
GPRS
|
TDMA
|
General Packet Radio Service
|
115 kbps
|
20-40 kbps
|
20-40 kbps
|
EDGE
|
TDMA
|
Enhanced Data Rate for GSM Evolution
(Enhancement to GPRS)
|
484 kbps
|
70-130 kbps
|
70-130 kbps
|
3G UMTS
(without enhanced data services)
|
CDMA
|
3G Universal Mobile Telecommunication
System
|
384 kbps
(2 Mbps specified)
|
200-300 kbps
|
200-300 kbps
|
3G UMTS with
HSDPA
|
CDMA
|
High Speed Downlink Packet Access
|
14.4 Mbps
|
0.5 - 4 Mbps
|
0.5-2 Mbps
|
3G with
HSUPA (HSPA)
|
CDMA
|
High Speed Uplink Packet Access
|
14.4 Mbps
|
0.5-4 Mbps
|
0.5-3 Mbps
|
3G with
HSPA+
(Release 8)
|
CDMA
|
Evolution of HSPA
|
42 Mbps
|
Above 5Mbps
|
Above 3 Mbps
|
LTE
|
OFDMA
|
Long Term Evolution
|
326 Mbps
|
10 Mbps
|
5 Mbps
|
LTE Advanced
|
OFDMA
|
Long Term Evolution Advanced
|
1 Gbps
|
හොඳ Blog එකක්
ReplyDelete